කොව්ඩ් සිරුරු ආදාහනයට ලක්ෂ 120ක් වැය කරලාලු!

කොවිඞ් ආසාදනය වීම නිසා අගෝස්තු 31 දක්වා මියගිය පුද්ගලයන් 2417 දෙනකුගේ ආදාහන කටයුතු වෙනුවෙන් 1,20,85,000 වැය වී ඇති බව පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසා ඇත.

අදාල මුදල් ඒ ඒ ආදාහනාගාර අයත් පළාත් පාලන ආයතනවලට ලබාදීමට ඒ මහතා පවසා ඇත.

එක් ආදාහනයකට රුපියල් 5000 බැගින්  පුද්ගලයන් 2417ක් වෙනුවෙන් එම මුදල ලබා ඇති බවත් පළාත් පාලන ආයතන 69 ක් සඳහා මෙම මුදල් යොමු කර ඇති බවත් ඒ මහතා පවසා ඇත.

 
දකුණු පලාතේ මරණ 537ක්, සබරගමුව මරණ 488 ක්, බස්නාහිර 399 ක්, වයඹ 260 ක්, මධ්‍යම 260 ක්, ඌව 171 ක්, උතුරු මැද 100 හා නැගෙනහිර පළාතේ 71 ක් වශයෙන් ආදාහන සඳහා මෙම මුදල් වැය කර ඇති බවත් ඔහු පවසා ඇත.


අවශ්‍යතාව මත  ඕනෑම අවස්ථාවක කොවිඞ් මරණ ආදාහනය සඳහා  වැය කරන මුදල් ප‍්‍රමාදයකින් තොරව කඩිනමනි ඒ ඒ පලාත් පලන ආයතන වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දුන් බව ද හෙතෙම සඳහන් කළේය.

මූලාශ්‍ර – ලංකාදීප