පොලොන්නරුවේ ගොවි ජනතාව සමග ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ සමඟ පැවැති සාකච්ජාවකදී උණුසුම් තත්ත්වයක් ඇති වී ඇත.
මෙම සාකාච්ඡාවේදී ගොවි ජනතාව තම ප්‍රශ්න ඇතුළත් ලිපියක් නාමල් රාජපක්ෂ මහතාට බාරදීමක් සිදු වී ඇත. එම අවස්ථාවේදී කරුණු දක්වමින් ගොවි ජනතාව කියා සිටියේ රුපියල් 60ට වී ලබා දීමෙන් විශාල පාඩුවක් සිදුවන බවකි.
සියලුම භාණ්ඩ ඉහළ ගොස් ඇති අවස්ථාවක වී මිලදී ගැනීමේදී අඩු මිලකට මිලදී ගැනීමෙන් ගොවීන් අසරණ වෙන බව ගොවීන් පවසා තිබුණි.