පරිප්පුවේ දශකය (loss Decade) – නීතිඥ ශිරාල් ලක්තිලක

සාමුහිකව ලක් මව කොල්ලකෑමේ ශාපය භූක්ති විඳිමු!

එකට වෙනස්වෙමු නැති නම් එකට මියයමු!

අප සියලු දෙනාම ඇති හැකි අය වුවද නැති බැරි අය වුවද පාඩුවේ දශකයක් කරා ගමන් කිරීම අරඹා තිබේ. මෙම යුගය තුල පුද්ගලයකු සතු චංචල හෝ නිශ්චල දේපල වල වටිනාකම 35% -40% කින් පහල වැටෙනු ඇත.

සාපේක්ෂ දිළින්දන් නිරපේක්ෂ දිළින්දන් බවටද නිරපේක්ෂ දිළින්දන් ඇඩ්රස් නැති තත්වයකට පත් වනු ඇත.
කව්රු කොහොම කිව්වත් අපි රටක් ලෙස default state නැත හොත් නය ගෙවා ගැනීමට බැරි තත්වයට පත්වී හමාරය.

රෝමය ගිනි ගනිද්දී නීරෝ වීනා වැයුවා කියද්දී මේ ආන්ඩුවට ( බැසිල් හැර) සිදුවෙමින් පවතින්නේ කුමක්දැයි කියා හෝ වටහා ගන්නට බැරි තත්වයක් ඇතිවී ඇති බව පෙනේ.

තවත් පිරිසක් මේ කිසිවක් නොවුව සේ සලකා වසංගතය වසන්තයක් කර ගැනීමට එන්නතෙන් ඩොලර් 5 බැගින් සොරකම් කරමින් සිටිති. PCR එකෙන් ඇන්ටිජන් එකෙන් අයුතු ලාබයක් ලබා ගන්නට කටයුතු කරමින් සිටිති. ඔවුන් සියල්ල එසේ කරන්නේ ගිලෙන නැවෙන් මීයන් සේ පැන ගොස් පිටරටක සැපවත් ජීවිතයක් ගත කරන්නටය.

ඒ අතරේ දෙරන වැනි මාධ්‍ය ටෙන්ඩර් මගඩි හරහා අනාධිමත් කාලයක් රට සුද්ද කල කෝටි පතියන් මාධ්‍ය ඉදිරියට පමුනුවා රට ගොඩගත හැක්කේ කෙසේදැයි දැනමුතු කම් ලබාගන්නට කටයුතු කරමින් සිටී.

අපට කියන්නට ඇත්තේ ඔවුන් ගෙන් අසා දැන ගත හැක්කේ රටේ භාන්ඩාගාරය දේශපාලඤයන් සමග කොල්ලකෑමේ මග මිස අන් කිසිවක් නොවේ.එසේ නැත්තනම් රට ගෙවා ගන්නට බැරිව තිබෙන නය කන්දෙහි සාරය උරා බිව් ව්‍යාපාරිකයන් ලෙස තමන් උපයා ගෙන අසීමිත ධනය නැවතත් රටට ලබා දෙන්නට සුදානම්ද නැද්ද කියා අසන්නටය.

මෙලෙසට අයුතු ලෙස ධනය ඉපයීම රටේ මුල් බැසගත් වෟත්තියක් වී තිබෙන බව අප සැවොම දන්නා කටුක සත්‍යකි. අද අප බංකොලොත් භාවයට පත්වීමේ සැබැ රහස එයයි. සැම ආන්ඩුවක් තුලම සැම දේශපාලන පක්ෂයක්ම සැම ව්‍යාපාරිකයෙක්ම සහ උගත් නුගත් දෙපිරිසම මෙම ක්‍රියාවලියේ කොටස් කරුවන්ය. එය වසර 70 තිස්සේ ජයටම සිදු කෙරුනු වෟත්තියකි. නමුත් දැන් පැමින තිබෙන්නේ අප යෙදුන එම වෟත්තියේ ප්‍රතිලාභ භුක්ති විඳීන කාලයයි. එය පරිප්පුවකි. නමුත් සාමුහික පරිප්පවකි. විදේශයකට පලා යැමට නොහැකි සියල්ලන්ටම එම පරිප්පුව කෑමේ යුගය විඳින්නට සිදුවනු ඇත. අප එය නම් කරන්නේ පරිප්පුවේ දශකය ලෙසටය.

නමුත් අතීතයට සාප කිරීමෙන් පලක් නැත. මෙම පරිප්පුවෙන් මිදීමට ඇති මග සොයා ගතයුතුය. එය දේශපාලනික මගකි. නමුත් සම්ප්‍රදායක දේශපාලඤයන්ට එය කල නොහැකිය. මක් නිසාද යත් බොරුවට හා රඟපැම තුලින් දේශපාලනය කරන්නවුන්ට එම මගෙහි රට ගෙන ගිය නොහැකිය. මග කටුකය. දිනන්නේ එක්කෝ සමස්ත රටය. පැරදෙන්නේ ද එලෙසටමය. පක්ෂයක් හෝ පාටකට ආන්ඩුවකට විපක්ෂයකට දැන් ජයග්‍රහනය කරන්නට දෙයක් ඉතිරිවී නැත.

රටක් ලෙස අපට ගොඩනඟන්නට වන මග:

  1. අපට අඩුම වශයෙන් 3% වර්ධන වේගයක් ලබා ගැනිමට වැඩ පිලිවලක් තිබිය යුතුය. එහි පදනම විය යුත්තේ කෙතරම් වේදනාකාරී වුවත් වෙලඳපල බලවේගය මත විශ්වාසය තබා කටයුතු කිරීමයි. ධනය උත්පාදනය කිරීමත් රාජ්‍ය වියදම් කපා හැරීමත් එවැනි වැඩපිලිවලක් තුල ප්‍රාථමික අරමුන විය යුතුය.
  2. මෙවැනි තත්වයක් යටතේ පවා රට ගොඩගැනීමට අවම වශයෙන් වසර 10 ක් වත් ගතවනු ඇත. ඇතැම් විට වසර 30 ක් දක්වා දික් ගැසෙනු ඇත. ( පලමු වසර 10 ම ශූන්‍ය වර්ධනයක පැවතීමට ඇති ඉඩ කඩ ඉහලය)
  3. චිදේශ නය ප්‍රතිව්‍යුහගත කරනයට බහු පාර්ශවික හා ද්වි පාර්ශවික නය කරුවන් සමග සාකච්ඡා අරඹා අවම වශයෙන් වසර 5 ක නය හා පොලී නොගෙවා සිටීමේ කාලයක් (moratorium) දිනා ගත යුතුව තිබේ.
  4. එසේ ලබා ගන්නා කාලය තුල රාජ්‍ය පිරිවැය බරපතල කප්පාදුවකට යටත් කල යුතුව තිබේ . උදා රාජ්‍ය සේවය අඩුම තරමින් 2008 වර්ශයේ තිබු සංඛ්‍යාවට ගෙන ආයුතුව තිබේ. එසේම රටේ මුහුනත ප්‍රජාතන්ත්‍රවාදය හා මානවහිමිකම් සුරකින රටක් ලෙස පවත්වා ගත යුතුව තිබේ.
  5. රාජ්‍ය ප්‍රාග්ධන ආයෝජනය දල ජාතික නිශ්පාදනයෙන් 7% ක පමන මට්ටමින් තබා ගනිමින් පුද්ගලික අංශයේ ආයෝජනය 20% කට එපිටින් යන ඉලක්කයක් ජය ගැනීමට කටයුතු කල යුතුයි. දැන් කතා කරන්නාවු රාජ්‍ය ධනවාදයෙන් පුර්නව මිදිය යුතුව තිබේ. ( වර්ථමාන රජය මෙන්ම විපක්ෂයද ජවිපය විශේෂයෙන්ම මෙම චින්තනයෙන් මිදිය යුතුය)
  6. අගතියට පත්වන දුගියන් බවට පත්වන සමාජය රැක බලා ගැනීම සඳහා ජනතා වැඩපිලිවලක් සකස් කල යුතුව තිබේ.
  7. මහ බැංකුව හා භාන්ඩාගාරය හරහා කෙරෙනරාජ්‍ය මුල්‍ය පාලනය වෟත්තීමය කන්ඩායමක් අතට පත් කල යුතුයි( කබ්රාල් වැනි අය මහ බැංකුව පාලනය කරනව නම් ගොඩ ඒමක් නැත.)
  8. රාජ්‍ය පාලනය සඳහා බල දේශපාලනයෙන් එපිටට ගිය දේශපාලන කන්ඩායමක් තෝරාගත යුතුයි.
  9. මෙරට මෙලසට අසීරු අඩියකට ඇදලනු ලැබු පසුගාමී දේශපාලනික චින්තන වලින් වියෝවිය යුතුයි.
  10. රටට හා ජනතාවට ආදරය කරන අවංක පාරදෟෂ්‍ය කාර්යක්ෂම වෟත්තිකයන් ගෙන් සමන්විත රාජ්‍ය සේවයක් ගොඩනැංවිය යුතුයි.