ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුහුණ දීලා තියෙන බරපතළ මූල්‍ය අර්බුදය පියව ගන්න ඇමරිකානු ඩොලර් කෝටි 250ක ණය මුදලක් ජාත්‍යන්තර වෙළෙඳ පොළෙන් කඩිනමින් ලබා ගන්න බලශක්ති අමාත්‍යාංශය තීරණය කරලා තිබෙන බව ලංකාදීප පුවත්පතේ අජන්ත කුමාර අගලකඩ මාධ්‍යවේදියා වාර්තා කරලා තියෙනවා.
ඒ ණය මුදල ඇමරිකාවේ “කන්සෙප්ට් ග්ලෝබල්” කියන මූල්‍ය ආයතනයෙන් ලබා ගන්න කැබිනටි අනුමැතියත් ලැබිලා තියෙනවාලු.
ණය මුදල ආපසු ගෙවීමේ කාලය වසර 12 ක් සහ වසර 2 ක සහන කාලයකට මේ ණය මුදල් ලබා ගන්න බවත් කියනවා.
සියයට 3 ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ මේ ණය මුදල කඩිනමින් ලබා ගන්න සුදානම් බවත් බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් කියලා තියෙනවා.
ඛනිජ තෙල් සංස්ථාව ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ගෙවීමට ඇති ණය මුදල ඇමරිකානු ඩොලර් කෝටි 330 ක් බව විෂයභාර අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දීලා තියෙනවාලු.