මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සැප්තැම්බර් 15 වෙනිදා ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයා විදියට වැඩ භාර ගන්නා බව වාර්තා වේ.
ඒ අනුව සැප්තැම්බර් 13 වෙනිදා ඒ මහතා දැනට දරණ මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතය.
වත්මන් මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා සැප්තැම්බර් 14 වනදා සිට විශ්‍රාම යන බව සැප්තැම්බර් 10 දින පැවසීය.