නඩුවක්! පරණ අයිතිකාරයන්ට කියල, ජාවාරම්කාරයන්ට අලි පැටව් දෙනවාට විරුද්ධව පරිසර යුක්ති කේන්ද්‍රයෙන්

උඩවලව ඇත් අතුරු සෙවණේ ඉන්න අලි පැටවුන් 14 දෙනෙක්ව එයාලාගේ ‘පරණ හිමිකාරයන්’ කියල කියමින් අලි ජාවාරමේ යෙදුණ පිරිසකට දෙන්න ආණ්ඩුව ගත්ත තීන්දුවට විරුද්ධව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශ්වවලට එරෙහිව අධිකරණට යනවා කියලා පරිසර යුක්ති කේන්ද්‍රයේ උපදේශක හේමන්ත විතානගේ මහතා මාධ්‍යවලට කියලා.

වන සත්තුන්ගේ ආරක්ෂාව, රැකවරණය සඳහා තියෙන නීති ඇතුළත් වන වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 6 වැනි වගන්තියේ දෙවැනි කොටස ප්‍රකාරව ලියාපදිංචි නොකරපු අලි පැටවුන් ළඟ තියාගන්නවාට විරුද්ධව චෝදනා තියෙද්දී, වෙන නීතියක් පාවිච්චි කරමින් ඒ චෝදනා ලැබූ අලි ජාවාරම්කරුවන්ගෙම අතට අලි පැටව් දෙන එක තමයි ඔවුන් ඒ විදියට අභියෝග කරන්නේ.

ඒ අනුව වගකිවයුත්තන්ට එන්තරාවාසි යවනවාලු.

මීට කලින් අලි පැටව් 38 දෙනෙක් අත්අඩංගුවට අරන්, ඊට පස්සේ අලි ජාවාරමට විරුද්ධව නඩු පැවරීම් කරලා තිබුණා. ඒත්, මේ විදියට 2021 මාර්තු 12 දිනැති කැබිනට් පත්‍රිකාවකින් අලි පැටවු නිදහස් කරලා දේශපාලන බලවතුන්ට දෙන එක නීතියේ ස්වාධිපත්‍ය බිඳ වැට්ටවීමක් බව හේමන්ත විතානගේ මහතා පෙන්වා දී තිබුණා.

විශේෂයෙන් සත්තු හිංසාවට පත් කරන හෙණ්ඩුව වැනි ආයුධවලට අනුබල දීමත්, සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධනයට මිනිස්සු හතරක් කරේ තියාගෙන යන්න අලින්ව යොදවන්නයි, ලී කොටන් අද්දවන්නයි අලි යොදවන්න අවසර දීමෙන් සත්ව හිංසනයක් සිදු වෙන බව ඔහු පෙන්වලා. ඒ බව දැන දැන ගැසට් පාවිච්චි කරමින් නීතිය නවමින් පුද්ගලයන්ට අලි පැටව් දීම දැඩි සේ හෙළාදකින බව ඔහු කියා තයෙනවා.

මේ අනුව දැනට උඩවලව ඇත් අතුරුසෙවනේ රඳවා සිටින අලි පැටවුන් 14 දෙනෙක් මාස 03 ක් ඇතුලත ලියා පදිංචි කිරීමේ කොන්දේසිය මත මුදාහැරීම සත්ව අයිතීන් රැකගැනීමේ සංවිධානවල මෙන්ම පරිසරවේදීන් ඇතුලුව පරිසරය වෙනුවෙන් උනන්දුවක් දක්වන සියලුම දෙනාගේ විමතියට හේතු වී ඇතැයි ද විතානගේ මහතා කීය.

අලි පැටවුන් ජාවාරමට එරෙහිව පරිසර සංවිධාන විසින් ගෙන ගිය දැඩි බලපෑමිවල ප්‍රතිඵලයක් වශයෙන් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව,පොලිස් දෙපාර්තමේන්තුව විසින් අලි පැටවුන් 38 දෙනෙක් අත් අඩංගුවට ගෙන එහි චූදිතයන්ට නඩු පවරා තිබුණි

මෙම අලි පැටවුන් ලබා ගැනීම සඳහා ඉල්ලීම් කර ඇත්තේ මේ රටේ දේශපාලනික බලවතුන් වන බවද අපට දැනගන්නට ඇතැයි කී ඔහු බුද්ධශාසන ,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සමඟ වන සංරක්ෂණ අමාත්‍යවරයා එක්ව 2021 මාර්තු මස 12 වන දින ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය හරහා මෙම අලි පැටවුන් නිදහස් කර ගැනිමට සිදුකළ ඉල්ලීම නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය සහමුලින්ම බිඳ වැට්ට වීමට හේතු වූ බවයි.

අලීන් මෙල්ල කිරීම සඳහා උල තිබෙන හෙණ්ඩුව පාවිච්චි කිරීමට අනුබල දීමෙන් මෙන්ම සංචාරක ව්‍යාපාරය වැනි දෑ ප්‍රවර්ධනය උදෙසා මිනිසුන් 04 දෙනෙකු පිටේ ගෙන යාමටත්,ලී කොටන් ඇදීමටත් නීතියෙන් අවසර දීමෙන් සිදුවන්නේ සත්ව හිංසනයක් වන බව දැන දැනත් තහනම් දේ නීති ගත කොට ගැසට් පාවිච්චි කරමින් නීතිය නවා එක් එක් පුද්ගලයින්ට අලිපැටවුන් පවරා දීමට කටයුතු කිරීම දැඩි සේ හෙලා දකින බව ද හෙතෙම සඳහන් කළේය.