චමල් රාජපක්ෂට කොවිඩ්

වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

අමාත්‍යවරයා මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවට තොරතුරු වාර්තා වේ.

චමල් රාජපක්ෂ අමාත්‍යවරයා කොවිඩ් ආසාදිතයෙකුගේ සමීප ආශ්‍රිතයකු වීම හේතුවෙන් දින කිහිපයක් නිරෝධායනයට ලක්විය.

මේ අතර තවත් ඇමැතිවරු කිහිපදෙනෙකුම මේ වන විට නිරෝධායනයට යොමු වී තිබේ.

මෙලෙස නිරෝධායනයට යොමු මැති ඇමැතිවරුන්ගේ නම් මෙසේය…,

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය සහ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ

ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක

පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක

පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ