සීරීස් එකකින් සිස්ටම් ෂොක් කරන රහස! Money Heist

මේ වෙද්දී මනී හයිස්ට් නොබලපු කෙනෙක් ඉන්නවනම් අපි ඉල්ලන්නේ ප්ලීස්! ඔබේ ජීවිතය නැති නාස්ති කරගන්න එපා. මනී හයිස්ට් බලන්න. මනී හයිස්ට් එකේ පස්වැනි සීසන් එකේ පළවැනි කොටස පහුගිය සතියේ රිලීස් වුණා. ගොඩක් අය ඒක බලන්න ඇති.

මේ වීඩියෝවෙදී මනී හයිස්ට් එක සීසන් එකක්වත් නොබලපු කෙනෙක්ට ඇයි මැරෙන්න කලින් මේක බලන්න ඕනෑ කියන  ‍එකත්, පස්වැනි සීසන් එක වෙනතුරු බලපු අයට ඒ ගැන අපේ විචාරයත් දෙකම බලාගන්න පුළුවන්. මොකද පස්වැනි සීසන් එක දක්වා කතාවක් විදියට මේක රසවත් වුණේ ඇයිද කියන එකත්, අනෙක් පැත්තෙන් මේකෙ ජීවිතයට සහ සමාජයට තියෙන වැදගත්කම ගැනත් කතා කරන්නම ඕනෑ.

විශේෂයෙන් මනී හයිස්ට් පස්වැනි සීසන් එක සම්පූර්ණයෙන්ම හයිස්ට් කියන ෂොන්රා එකෙන් ගැලවිලා, වෝ කියන ෂොන්රා එකට මාරු වෙලා. සම්පූර්ණයෙන් යුධ ආකෘතියේ සීසන් එකක් බවට පත් වෙලා. ඔව්! ඒක ෆුල් යුද්ධයක්. ස්පාඤ්ඤ මහ බැංකුව වුණාට ඇත්තටම ඒක දෙවැනි ලෝක යුද්දෙ හෝ ඇෆ්ගනිස්ථානෙ තිබිච්ච කඩාවැටිච්ච බිල්ඩිම් තියෙන යුද පිටියක් වගේ.

කොන්ක්‍රීට් තට්ටු පිටින් කඩාවැටෙන, සුදුපාට කොන්ක්‍රීට් කුඩු දුමෙන් පිරිලා අඳුරු වෙච්ච, දරුණු මැෂින් ගන් වගේ ආයුධ තියාගත්ත යුධ ෆිල්ම් බලපු අයට ලැබෙන අත්දැකීමක් තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා මුල ඉඳන් අග වෙනතුරු අපේ හිතේ උද්වේගය එක වගේ අඩු නොවී පවතිනවා. මේ වෙලාවේ මොකක් වෙයිද කියලා.

ඒත් සියල්ලට වඩා ෂොක් එක වුණේ සීසන් එකේ අන්තිමට සිද්ධවෙන නොසිතූ මරණය. කවුරුත් හීනෙන්වත් හිතුවේ නැති කෙනෙක් මරණයට පත් වුණා.

ඔන්න ඔය විදියට සුපුරුදු විදියට ප්‍රේක්ෂකයන් හීනෙන්වත් හිතපු නැති දේවල් ටිකක් දෙමින් අපව පුදුමයෙන් මුසපත් කරන්න පස්වැනි සීසන් එක සමත් වුණා. අපි මේකෙදී කතා කරන්නේ ඒ සීසන් එකේ සහ පොදුවේ මනී හයිස්ට් සීරීස් එකේ අපි දැකපු හොඳ කාරණා කිහිපයක්.

ඇත්තටම මනී හයිස්ට් එක අපි වුණත් මුලින් බලන්න කැමති වුණේ නෑ. හයිස්ට් කියන ආකෘතියේ තියෙන්නෙම ‘හොරකමක්’ කියන එකනේ. හොරකමට අකමැති කෙනෙක් කොච්චර වුණත් හොරුන්ගෙ කතා බලන්න කැමති වෙන එකක් නෑ. ඒත්, ඇත්තටම මෑත කාලයේ බලපු හයිස්ට් කතා ගොඩක් නිසා තමයි අපට තේරෙන්නේ හයිස්ට් කියන්නේ හුදු හොරකම් ගැන කතන්දර ආකෘතියක් නෙවෙයි.

නෑ! මේවායේ කතා කරන්නේ හොරකම් ගැන නෙවෙයි. සාමාන්‍යයෙන් හයිස්ට් එකක් කරන්නේ ටීම් එකක්. ඒ ටීම් එකේ ඉන්න මිනිසුන් අතර සම්බන්ධය. ආදරය. එක අරමුණකට යන්න ප්ලෑන් කරන හැටි. අනෙක් පැත්තෙන් හයිස්ට් එකකදී කරන්නේ විධිමත් සිස්ටම් එකක් කඩලා, බිඳලා, ඒවා ඇතුළෙන් රිංගලා සිස්ටම් එකට ඇටෑක් කරන එක.

ඉතින් හයිස්ට් එකක් කියන්නේ හුදු හොරකම් කිරීමක්ම නෙවෙයි. ටීම් එකක් එකතුවෙලා සිස්ටම් විරෝධී වැඩක් කිරීමක්.

මේ සීරීස් එකේ ප්‍රධානම තීම් එක තමයි ක්‍රම වි‍රෝධය කියන එක. අපි කලිනුත් කීවා වගේ මේ හයිස්ට් ආකෘතියෙ ඉතිහාසය පුරා තිබුණා ක්‍රම විරෝධය. සිස්ටම් එකට අභියෝග කිරීම කියන හැඩය. ඒක උපරිමයෙන් කරන්නේ මේකෙන්.

සාමාන්‍ය දුප්පත් ජනතාවට මේ හොරු කණ්ඩායම පේන්නේ වීරයන් විදියට. දූෂිත, සවුත්තු පාලන සිස්ටම් එකට කටඋත්තර නැති කරපු වීරයෝ සෙට් එකක්. ඒ වගේම පළවැනි හොරකමේදී ඔවුන් හොරකම් කළේ මිනිස්සුන්ට අයිති සල්ලි නෙවෙයි. බැංකුවක් කැඩුවොත් නැති වෙන්නේ කාටහරි අයිති සල්ලි. ඒත්, ඔවුන් කළේ කාගේවත් සල්ලි ගන්න එක නෙවෙයි. තමන්ගෙම සල්ලි ප්‍රින්ට් කරපු එක.

මේ ක්‍රම විරෝධය සැල්වඩොර් ඩාලි කියන කලාකරුවාගේ මූණ තියෙන මාස්ක්, විප්ලවයේ පාට වෙච්ච රතු පාට ජම්ප්සූට් එක්ක සංකේතාත්මකව නිරූපණය වුණා. සීරීස් එක බලපු අයට බෙල්ලා චාඕ කියන ඒ කාලෙ ඉතාලියේ මර්දනයට එරෙහිව හැදිච්ච කැරලිකාර සිංදුවේ රීමේක් එකකුත් එක්ක ඒ ක්‍රම විරෝධය ලස්සනට මතු වුණා.

ඒත් කොච්චර කළත් ආණ්ඩුවෙ ආයතනයක් ඇපේට තියාගෙන, ප්‍රාණ ඇපකාරයො හිර කරගෙන හොරකම් කිරීම මහා ලොකු වීරකමක් නොවන බවත් හිතුණා. විශේෂයෙන් පළවැනි හොරකමේ පොලීසිය පැත්තේ හිටියේත් හොඳ මිනිස්සු. ඒකේ හොරුන් සහ පොලීසිය අතර යම් බැලන්ස් එකක් තිබුණා. විශේෂයෙන් පළවැනි හොරකමේදී මේ හොරු සෙට් එක ප්‍රාණ ඇපකරුවන් වහලුන් විදියටත් පාවිච්චි කළානේ.

ඒත් දෙවැනි හොරකම වෙද්දී, විශේෂයෙන් පස්වැනි සීසන් එක වෙද්දී ඔවුන් බොහෝදුරට මේ ක්‍රම විරෝධය කියන තීම් එකෙන් වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම බැලන්ස් එකත් කඩනවා. ප්‍රාණ ඇපකරුන්ව වහලුන් විදියට පාවිච්චි කරන්නේ නෑ. ඒ වගේම ප්‍රාණ ඇපකරුවන්ගේ ආරක්ෂාවට හොරුන්ටත් වඩා හානියක් වෙන්නේ ආණ්ඩුවෙන්.

මේකෙදී ඔවුන් සම්පූර්ණයෙන්ම ආදරය, ටීම්වර්ක් එක, මනුෂ්‍යත්වය කියන එකට මාරු වෙනවා. ඇත්තටම දෙවැනි සීසන් එක වෙද්දී වීරයන් කවුද, දුෂ්ඨයන් කවුද කියන එක හොඳටම පැහැදිලියි. ඔවුන් මේ හොරකම කරන්නේ සල්ලි වෙනුවෙන් නෙවෙයි. අපි මිනිසුන් විදියට ජීවත්වෙද්දී, තමන් එක්ක ගත කරන අය වෙනුවෙන් මොනවද කරන්නේ. අපේ ජීවිත කැප කරන්න අපි ලෑස්තිද? යුද්ධෙට වුණත් යන්න ලෑස්තිද? නැත්තං ආදරය කරන කෙනෙක්ට තමන්ව ඕනෑ වුණාම ආත්මාර්ථකාමී විදියට අපි පස්ස ගහනවාද. 

ඕක එක් පැත්තකින් මනුෂ්‍යත්වයේ තීම් එක.

අනෙක් පැත්තෙන් අපේ ආණ්ඩු අපට ආදරය කරනවාද. මිනිස් ජීවිතවලට ආදරය කරනවාද. මේ සිස්ටම් කොච්චර දූෂිතද? සාධාරණ විදියට මිනිසුන්ට දියුණු වෙන්න පුළුවන්ද? එක තැනක දෙබසක් තියෙනවා, ‘අපට යමක් ඕන්නම් ඒක හොරකම් කරන්න සිද්ධවෙන’ බව. ඇත්ත. මේ වගේ හොරකමක් නොකළාට, හොර ක්‍රමවලින් දියුණු වෙච්ච සුදු කරපටි මිනිස්සු ස්පාඤ්ඤෙයි, අපේ රටෙයි ලෝකෙයි කොච්චර ඉන්නවද? ඇත්තටම හොරු ඉන්නේ සිස්ටම් එක ඇතුළේ. සිස්ටම් එක පවත්වාගෙන යන්නේ හොරු.

ඉතින්! මේගොල්ලන් කරන්නේ ඒ හොරුන්ව ෂොක් කරන එක.

පළවැනි හොරකම වගේ නෙවෙයි. දෙවැනි හොරකම සිද්ධවෙද්දී මාධ්‍ය ආයතනවලට අමතරව සාමාන්‍ය මිනිසුන් දාස් ගාණක් මේ හොර මුලට සපෝට් කරමින් මහ බැංකුව එළියේ උද්ඝෝෂණය කරනවා. ඒ හොරුන්ගේ සිස්ටම් එක දණගස්වන එකට සපෝට් එකක් විදියට.

ඇත්තටම මේ පස්වැනි සීසන් එක මුලදී කැරලිකාර කෙල්ලෝ තුන්දෙනෙක් තමන්ගේ සපත්තු ගලවලා, කලිසම්වල කකුල් නමලා නිරුවත් පාද එක්ක මහ බැංකුවේ ඉස්සරහා දොරෙන් එළියට බහිනවා.

එක කෙල්ලෙක් පොලිස් අත්අඩංගුවට පත් වෙලා විශාල ආරක්ෂාවක් යටතේ අධිකරණයට අරන් යමින් හිටපු කෙනෙක්. ඒ විදියට ආරක්ෂාව මැද්දේ හිටපු කෙනෙක්ව වුණත් නිදහස් කරගන්න මේ පුංචි ටීම් එකට පුළුවන් බව මිනිස්සුන්ට පෙන්වීමයි කෙල්ලෝ තුන්දෙනා එළියට බැසීමෙන් කළේ.

සීරීස් එකේ කතාව නොදන්න කෙනෙක් ඉන්නවනං කෙටියෙන් කීවොත් මනී හයිස්ට් ස්පාඤ්ඤයේ හැදිච්ච හයිස්ට් සීරිස් එකක්. මේ සීරීස් එක ල කාසා ඩෙ පැපල් කියන නමින් මුලින්ම තිරගත වුණ වෙලාවෙ තමන්ගෙ රටේ ෆේල් වුණා. එක සීසන් එකකින් පස්සේ ආයෙත් ෂූට් කරන්නත් බැරි විදියේ පාඩු ලබන එකක් වුණා. ඉතිහාසයේ මැකිලා යන්න නියමිත එකක් වුණා. ස්පාඤ්ඤ ටීවී රසිකයන්ට එච්චර මේක ඇල්ලුවේ නැති පාටයි.

ඒත්, ඔය අතරේ නෙට්ෆ්ලික්ස් එකෙන් මේක ගත්තා. ස්පාච්ඤෙ තිරගත වෙච්ච තනි සීසන් එක සීසන් දෙකකට කඩලා රිලීස් කළා. ඒ සම්පූර්ණ එකේ තියෙන්නේ එක තනි හොරකමක්. ස්පාඤ්ඤ සල්ලි ප්‍රින්ට් කරන මැෂිම හයිජැක් කරලා, ඒක වහගෙන දවස් ගාණක් ඉන්නවා. ඉන්න අතරේ සල්ලි ප්‍රින්ට් කරන්න පටන්ගන්නවා.

හොර සල්ලි ප්‍රින්ට් කරන කතා අපි දැකල තියෙනවා. බැංකුවලට කැසිනෝවලට පැනලා ඒවා කඩන කතාත් අපි දැකලා තියෙනවා. ඒත් ආයතනයක් ඇතුළට පැනලා

කිසිම හයිස්ට් කතාන්දරයක් මේ වගේ කන්සෙප්ට් එකකට හදලා නැතිව ඇති. මේකේ තියෙන්නේ එකපාරම පැනලා යන එකක් නෙවෙයි. යම් තැනක් ඇපයට තියාගෙන හොරු සෙට් එකක් ඉන්න කතාවක්. සම්පූර්ණ රජයක්, පොලීසියක් මෝඩයන් කරන කතාවක්. ඒ නිසාම සිස්ටම් එකට එල්ල කරන මරු පහරක් විදියට මේක දැක්කා.

ඒ වගේම මනී හයිස්ට් පළවැනි හොරකමේදී අපි දැක්කේ හොරකමේ මහමොළකාරයා වෙච්ච ප්‍රොෆෙසර්ගේ බුද්ධියේ තරම. ඔහු හැම දෙයක්ම හිතට සැලසුම් කරනවා. ඒත්, ඒ ඕනෑ සැලසුමක් වැරදුණොත් ඒ වැරදෙන එකට උත්තරයක් විදියටත් ඔහුට ප්ලෑන් එකක් තියෙනවා. ඒකනේ කතාව. අන්තිමේ ඔහුගේ ප්ලෑන් මත හොරකම් සාර්ථක වෙනවා.

නිකමට හිතන්න! දෙවැනි හොරකමේත් ඔය වගේම තිබුණා නම් කොච්චර කම්මැලි වෙයිද? බලපු කෙනෙක්ට වුණත් අලුත් රසයක් නෑනේ.

මනී හයිස්ට් තුන්වැනි සීසන් එකේ ඉඳන් පස්වැනි සීසන් එක වෙනකල් තියෙන්නේ දෙවැනි හොරකම. ඒක ස්පාඤ්ඤයේ සල්ලි ප්‍රින්ට් කරන ආයතනයනට නෙවෙයි, කෙළින්ම ඒ රටේ මහ බැංකුවට කඩා වැදීමක්. මහ බැංකුවේ තියෙන ජාතික ධනය හෙවත් රත්තරන් සංචිත ටික තමයි හොරකම් කරන්න ප්ලෑන් කරන්නේ.

පස්වැනි සීසන් එක වෙනතුරු බලපු අය දකින්න ඇති පළවැනි හොරකමට වඩා සම්පූර්ණයෙන් වෙනස් දෙවැනි එක. පස්වැනි සීසන් එක වෙද්දී තේරෙනවා හැමදේම වරදිනවා. අපි අන්තිමට බලපු සීසන් එකේ තිබුණේ ෆුල් ඩිසාස්ටර් එකක්. මේ හොරකමේදී වටිනාම චරිත දෙකක් මැරෙන්නේ. ඒකෙන්ම පේනවා කොච්චර ඩිසාස්ටර් එකක්ද මේ කියලා.

ඒකට ප්‍රධාන හේතුව තමයි මේක සීරීස් එකේ ප්‍රධාන චරිතය වන ප්‍රොෆෙසර්ගේ ප්ලෑන් එකක් නොවීම. ඇත්තටම මුලින්ම ප්‍රොෆෙසර්ට මේ යෝජනාව ආවාම, මේක භයානකයි කියලා ඔහු අත්හරිනවා. ඊට පස්සේ තමයි අපි කලින් කීව සල්ලි ප්‍රින්ට් කරන මැසිමේ ප්ලෑන් එකට මාරු වෙන්නේ.

ඒත්, ඔවුන් මේ හොරකම කරන තැනට තල්ලු වෙනවා.  එයාලාගේ ටීම් එකේ කෙනෙක් වෙනුවෙන් මේ හොරකම නොකර බැරි තැනට පත් වෙනවා. මතක තියාගන්න. මේ දෙවැනි හොරකම කරන්නේ උංට සල්ලි නැති නිසා නෙවෙයි. පළවැනි හොරකමෙන් පස්සේ ඔවුන් මහා ධනවත්තු වෙලා, හැංගිලා සැපවත් ජීවිතයක් ගත කරමිනුයි හිටියේ.

ඒත්! එක සිද්ධියකින් පස්සේ ඔවුන්ට සිද්ධවෙනවා තමන්ගේ කෙනෙක් වෙනුවෙන් මේ යුද පිටියට එන්න. ඒ නිසා මේ දෙවැනි හොරකමේ තීම් එක පළවැනි හොරකමට වඩා සම්පූර්ණයෙන් වෙනස්.