රාජකීය ජීවකයා ලෙස රාජපක්ෂවරුන් විසින් පිළිගනු ලැබූ ඒලියන්ත වයිට් කොරෝනා ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවාලු. වෙබ් අඩවි ගණනාවක් වාර්තා කරලා.
ඒ අනුව ගංගාවලට පිරිත් හට්ටි අත්හැරීමකුත් සිද්ධ වුණා. එහි බලයෙන් ලංකාවේ කොවිඩ් පාලනය වූ බවත් කතා පළ වුණා. එකල සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි පවා මේ පිරිත් හට්ටි අත්හැරීමේ වැඩසටහනට එක් වුණා. ඇයට අමතරව උදය ගම්මන්පිළ, ප්‍රසන්න රණතුංග
ඒලියන්ත වයිට් මහතාට විස්මයජනක ජීවකයෙක් ලෙස වර්ණනා මීට කලින් ලැබුණා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි, ඔහුව රජාට ඇන්දවූ කාලයේ ‘රාජකීය වෛද්‍යවරයා’ යනුවෙන් ලොවෙත් නැති තනතුරක් පවා ඔහුට නිර්මාණය කර දී තිබුණා. ඒ මත මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුළු පුද්ගලයන්ට ඒලියන්ත වයිට් මහතාගේ ප්‍රතිකාර ලබා දෙන්නටත් කටයුතු කළා.
කුණ්ඩලීනි ශක්තියෙන් හෝ විශ්ව ශක්තියේ බලයෙන් හෝ කොවිඩ්-19 මර්දනය කරන කතන්දරයක් ගැන මාධ්‍ය වාර්තා පළ වුණා. කොටින්ම ඉන්දියාවේ කොවිඩ් පාලනයටත් ඔහු දායක වූ බව එකල මාධ්‍ය වර්ණනා ලියවුණා.
මේ සියලු වර්ණනා, සාර්ථකත්වයේ කතන්දර පළ වුණේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්වයෙහි පාලනයක් තිබුණු කාලසීමාවේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මීට කලින් අවස්ථා ගණනකදී කියමින් සිටි කාරණයක් තමයි මේ ඒලියන්ත වයිට් 90 දශකයේ ඉමේෂ් රංගන කියන නමින් ප්‍රසංග වේදිකාවල ගීත ගයපු බව.
