කබ්රාල් එනවාලු! ඉල්ලුවෙත් ගෝඨාලු! කබ්රාල්ම කතාව තහවුරු කරලා

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති තනතුර යළි බාරගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවෙන් හා රාජ්‍ය ඇමතිකමෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ඩේලි මිරර් වෙත ප්‍රකාශ කරලා.

ඩේලි මිරර් පුවත්පතේ සඳුන් ජයසේකර කළ විමසීමකදී ඔහු ඒ බව විවෘතව කියලා. මීට කලින් ඔහු කියා තිබුණේ ඒ කතාව තහවුරු කරන්නේත් නෑ, ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ කියලයි.

‘මම බලාපොරොත්තුවෙනවා මගේඉල්ලා අස්වීම පක්ෂ නායක, අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තව ටිකකින් බාර දෙන්න.’ ඔහු කියා තිබුණා.

මහ බැංකු අධිපතිකම බාරගන්නා ලෙස ඉල්ලීම කළේත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බව ඔහු කියලා. ආර්ථිකය අසීරු තත්වයක පවතින නිසා එලෙස බාරගන්නා ලෙස ඉල්ලූ බවත්. එය බාරගැනීමට තීරණය කළ බවත් ඔහු කියලා.

ඉල්ලා අස්වීමට පෙර තමන් පාර්ලමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරන බවත් ඔහු කියලා. මීට කලින් ධුරයේ හිටපු කාලයේ කළා වගේ ‘වාර්තාගත’ ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගැනීමට බලාපොරොත්තු වෙන බවත් ඔහු කියලා.

ඒ වගේම ඔහු කියලා හිස්වෙන මන්ත්‍රීධුරයට වෙනත් කෙනෙක් යෝජනා කරන්න කියලා පොදුජන පෙරමුණ ඉල්ලුවාලු. ඒත් ප්‍රතික්ෂේප කළාලු.

ඔහුගේ ඉවත්වීම සහ ගෝඨා-බැසිල් ගැටුමේ තවත් දිගුවක් ගැන අප කළ වීඩියෝව පහතින්.