හම්බන්තොටට ෆයිසර් දුන්නේ වරාය,ගුවන්තොටුපළ ල‍ඟ නිසාලු

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20 -29 අතර අයට ෆයිසර් එන්නත ලබා දුන්නේ එම දිස්ත්‍රික්කයේ වරායක් සහ ගුවන්තොටුපලක් පිහිටි නිසා යයි විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසා ඇත.

මේ නිසා කොවිඩ් විකෘති ප්‍රබේද එම දිස්ත්‍රික්කයේ සිඝ්‍රව පැතිර යෑමට ඉඩ ලඩක් ඇති බවත් එයට විසඳුමක් විදියට මෙලෙස ෆයිසර් එන්නත ලබා දුන් බවත් ඒ මහතා පවසා ඇත.

මේ බව ඒ මහතා පවසා ඇත්තේ hiru Hard Talk නම් සාකාච්ජාවකට සහභාගී වෙමිනි.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කාරක සභික වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසා ඇත්තේ හම්බන්තොට පමණක් නොව ගාල්ල, ත්‍රිකුණාමලය සහ රට පුරා වෙනත් ස්ථානවලත් වරායන් ඇති බවයි.

ෆයිසර් එන්නත් ඇත්නම් ඒවා ලබා දිය යුත්තේ පාසල් සිසුන්ට බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා ඇත.

තවද රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසන්නේ යුධ හමුදාව හරහා සිදුවන එන්නත්කරණ වැඩසටහන සිදුවන්නේ යුධ හමුදාපතිවරයාගේ තනි වුවමනාව මත බවත් වසංගත රෝග ඒකකය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාගෙන් ගිලිහි ගොස් ඇති බවත්‍ ය.

https://fb.watch/7SNrOmLHsH/