තිරිසන් පොලිස් හැසිරීම් දිගටම! තවත් තුන්දෙනෙක්ට ගහලා

මඩකළපුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකුට පොලිස් පහර දීම් සිදු වී ඇති බව වාර්තා වේ.

මහේන්ද්‍රන් කීර්තීසීලන් සහ මහේන්ද්‍රන් අනූජන් යන දෙදෙනාට මඩකළපුව වව්නතිව් පොලිස් ස්ථානයේ නිලධාරීන් සැප්තැම්බර් 05 වැනිදා අමානුෂික ලෙස පහර දීමෙන් අනතුරුව ඔවුන් රෝහල් ගත වී ඇත.

පහරකෑමට ලක්ව ඇත්තේ සහෝදරයන් දෙදෙනෙකි. ඔවුන් තම මෝටර් සයිකලයට තේන්ඩිඅඩි ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හළකින් ඉන්ධන පුරවා තම නිවසට එන අතරවාරයේ මෙම පහරදීම සිදුව ඇත.

තවද ජෝසප් මදන් යන අයටද සැප්තැම්බර් 05 වැනි දින මඩකළපුව පොලිස් නිලධාරීන් පහර දී ඇති බව ඔහු පවසයි.

අන්තර්ජාලයට විඩියෝවක් මුදාහරිමින් ජෝසප් මදන් මෙම පහර දීම ගැන පවසා ඇත.

“මගේ නම ජෝසප් මදන්. මම මේ වෙලාවේ ඉන්නේ මඩකළපුව ශික්ෂණ රෝහලේ 10 වාට්ටුවේ. සැප්තැම්බර් 05 වෙනි ඉරිදා මඩකළපුව පොලිසියේ නිලධාරීන් පිරිසක් මට අමානුෂික විදියට පහර දුන්නා. මට පහර දුන්න නිළධාරීන්ට දඩුවම් ලැබෙන්න ඕනෑ. මට සාධාරණයක් වෙනකම් සටන් කරනවා”