තම තමන්ගේ අමාත්‍යාංශවල කපන්න පුළුවන් හැම වියදමක්ම ගැන තොරතුරු එකතු කරලා වාර්තාවක් දෙන්න කියලා මහා භාණ්ඩාගාරය හැම අමාත්‍යාංශ ලේකම්වරයෙක්ටම දැනුම් දීලා.
මුදල් අමාත්‍යාංශ ලේකම් (භාණ්ඩාගාර ලේකම්) එස්.ආර්. ආටිගල කියා තිබුණේ සැප්තැම්බර් 15 වැනිදාට කලින් ඒ වාර්තා දෙන්න කියලා දැනුම් දීලාලු තියෙන්නේ.
කපන්න පුළුවන් වියදම් ටික සහ ඒවායින් ඉතිරි කරන්න පුළුවන් වියදම ගැන මහා භාණ්ඩාගාරයට පුළුවන් ඉක්මනින් දැනුම්දෙන්න කියලත් ඒකෙන් ඉල්ලලා තියෙනවා.