පාර්ලිමේන්තුවේ හදිසි නීති විවාදය! විපක්ෂයෙන් දැඩි විරෝධයක් ලෑස්තියි!

සැප්තැම්බර් 06 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අත්‍යවශ්‍ය සේවාවලට ජනාධිපතිවරයා දාපු හදිසි නීති රෙගුලාසිවලට අදාළ විවාදයේදී ඊට විරුද්ධව දැඩි අදහස් දැක්වීමක් කරන්නට විපක්ෂය ලෑස්තියි.

ඒ වගේම ඒකට විරුද්ධව ඡන්දය පළ කරන්නත් ඔවුන් ලෑස්තියි. සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය මෙන්ම දෙමළ ජාතික සන්ධානය එයට එරෙහි වේවි.

මේ විරෝධය ගැන සැප්තැම්බර් 05 වැනිදා සූම් මාධ්‍යයෙන් පැවති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් පැහැදිලි කිරීමක් කළා.

ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වා තිබුණේ මේ වැඩේ ඉස්කුරුප්පුවෙන් කරන්නට පුළුවන් දෙයක් සඳහා කුළුගෙඩියක් ගෙන ඒමක් වගේ කියලයි.

මූලික ප්‍රශ්නය මිල ඉහළ යන්නේ ඇයිද කියන එක බවත්, එයට හේතුව රුපියල කඩාවැටීම බවත්, මුදල් ඕනෑවට වඩා මුද්‍රණය කිරීම බවත් ඔහු පෙන්වා දුන්නා.