දෙවන අග්බෝ රජ සමයේ ඉදි කරපු කන්තලේ වැව් බැම්ම මතත් ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත්ව ඇත.
මේ සදහා රුපියල් මිලියන 20ක මුදලක් සම්මත වී ඇති බව කන්තලේ නගර ශාලාවේ පැවැති රැස්වීමකදී සදහන් කොට තිබේ.
ඊට දැනටමත් ගොවි සංවිධාන විසින් විරෝධය පළ කොට ඇත.
මීට පෙර පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර රළපනාවේ ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට පියවර ගත්තද ජනතා විරෝ්ධය මැද එය අත්හිටුවීමට පියවර ගැනිණ.