පහන්තුඩාව සිද්ධියට සම්බන්ධ යුවල කියලා වෙනත් යුවලකගේ ඡායාරූප සමාජ මාධ්‍යවලට නිකුත් කළ අය කවුදැයි විමර්ශනයක් ආරම්භ කරන්න කියලා මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර අපරාධ පරීක්ෂණ කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දීලා.
සමාජ මාධ්‍ය ඔස්සේ මේ වගේ සිද්ධීන් බොහොමයක් වාර්තා වෙලා තියෙන බවත් මේ සිද්ධියෙන් වෙනත් යුවලක් අගතියකට පත්වී ඇත්නම් එසේ කිරීමට කටයුතු කළ අය සොයා විමර්ශනයක් සිදුකරන්න කියා අමාත්‍යවරයා උපදෙස් දීලා.