පහන්තුඩාව කියලා යුවළකගේ ෆොටෝ බොරුවට ප්‍රසිද්ධ කරලා! ඒ යුවළ අමාරුවේ දාපු අය මෙන්න

  • ඒ යුවළ වගේම තවත් තරුණ තරුණියන් ලක්ෂ ගාණක් අමාරුවේ දාන වැඩේ කරන්නේ කවුද?

පහන්තුඩාව දිය ඇල්ල අසලදී සිදුකළ අසභ්‍ය වීඩියෝ දර්ශනය නිසා තමන් දැඩි පීඩනයකට තමන් පත් වුණා කියලා ළහිරු මුදලිගේගේ හරි ටීවී යූටියුබ් එකට දීපු ඉන්ටවීව් එකකදී යුවළක් කියලා.

කුෂාන් සහ ගයාත්‍රි කියන මේ යුවළ කියා තිබුණේ පහන්තුඩාව යුවළ නිසා තමන් අමාරුවේ වැටුණා කියලයි. ඒත්, ඇත්තටම මේ අය අමාරුවේ දැම්මේ පහන්තුඩාව වීඩියෝව කරපු අය හින්දා නෙවෙයි. වීඩියෝව කරපු අය කිව්වේ නැහැ මේ ඉන්නේ තමන් කියලා.

පහන්තුඩාවට ගිහින් ලිංගික නිර්මාණය කරපු කපල් එක කරලා තිබුණ වරද තමයි, මේ කපල් එක හිටියා වගේම ඡායාරූපයක් ගත්ත එක. ඒත් අපි වුණත් ඔය වගේ වැඩ කරනවා. කවුරුහරි කලින් ගත්ත ප්‍රසිද්ධ ඡායාරූපයක් තිබුණොත් අනුකරණය කරනවා. එතැනින් එහාට මේ ජෝඩුවේ ඡායාරූප පෙන්නමින් කැත වැඩේ කරලා තිබුනේ මේ සමාජයේ ඉන්න මිනිසුන්.

මේ වීඩියෝව ගැන කතා කරපු ‘සදාචාරවාදී’ අය තමයි මේ කපල් එකේ ෆොටෝ දමමින් ඔවුන්ට බැණලා තිබුණේ. ඒ වගේම මේ සිදුවීම මහා ජාතික ප්‍රශ්නයකට හැරෙව්වේ පොලීසිය ක්‍රියා කරපු විදිය නිසා.

ඒ වගේම ලංකාවේ මේ වගේ නිර්මාණකරුවන්ට තමන්ගේ මුහුණ පෙන්වන්න නිදහස තිබුණා නම්, මේ වෙන වෙන කපල්වල ඡායාරූප ප්‍රසිද්ධ වෙන්නේත් නැහැ. සැබෑ අයගේ අනන්‍යතාව හොයාගන්න පුළුවන්.

ඒ ජෝඩුවට පවා මේ තත්වය ගැන අවබෝධය අඩු ඇති. ඒත්, පහන්තුඩාව මහා ‘ලිංගික ප්‍රශ්නයක්’ කරමින් ‘ජෝඩුව මෙන්න’ කියා පෝස්ට් දමමින් සදාචාර සංදර්ශන දාපු අය නිසා මේ යුවළ ලොකු අපහසුතාවකට මුහුණ දීලා.

මේ අය විවාහ වෙලා අවුරුදු එකහමාරක්ලු.

මේ අය පහන්තුඩාව සිදුවීමෙන් පස්සේ ලොකු මානසික අර්බුදයකට මුහුණදෙන බව කියා තියෙනවා.

ඒත්, ලොකුම කතාව ඒක නෙවෙයි.

නිකමට හිතන්න, මේ කිසිම වීඩියෝවකට පෙනී හිටියේ නැති ජෝඩුවක් කියන දෙයක්. කිසිම ලිංගික වීඩියෝවක් ප්‍රසිද්ධ නොවූ, ඡායාරූපයක් නිසා අදාල නැති කතාවකට සම්බන්ධයක් හැදුණ නිසා පීඩා වින්ද යුවළක්.

ඔවුන් මේ කියන තරම් පීඩාවක් වින්ද පසුබිමක, නිරුවත් වීඩියෝවකට සම්බන්ධයක් තියෙන අහිංසක කෙනෙක් කොච්චර පීඩා විඳීවිද?

අකැමැත්තෙන් වීඩියෝවක් ලීක් වීමකට ලක් වූ කෙනෙක්, තමන්ව හොරෙන් වීඩියෝ කරලා ප්‍රසිද්ධ කිරීමේ අත්දැකීමකට මුහුණදුන් කෙනෙක්, තමන් ප්‍රසිද්ධ කරන්න නැතිව ගත්ත ඡායාරූපයක් හෝ වීඩියෝවක් ප්‍රසිද්ධ කරපු කෙනෙක් මේ වගේ තත්වයකදී විඳින අත්දැකීම මොන තරම් දරුණු වේවිද? ජීවිතය ගැන පවා ඔවුන්ට කොහොම දැනෙයිද?

පහන්තුඩාවෙන් පස්සේ ඩිලීට් කරපු ට්විටර් අකවුන්ට් එකක් තියෙනවා. විද්‍යා ඉසුරිකා කියලා. ඉස්සර ඒ ට්විටර් එකේ එයාලා ට්වීට් කළාලු වීඩියෝවක් එන්න කලින්. ප්‍රේක්ෂකයන් බලා හිටියාලු එයාලාගේ වීඩියෝ එනතුරු. ඒක එයාලා කැමැත්තෙන් තෝරාගත්ත රස්සාව. තව ගොඩක් එහෙම අය ඉන්නවා.

කාගේ හෝ ෆොටෝ එකක් අපරාධකාරී විදියට ලීක් කරනතුරු බලා ඉන්නවා වෙනුවට, නිර්මාණකරුවෙක් නිර්මාණයක් විදියට එහෙම වීඩියෝවක් දාන තුරු බලා ඉන්න එක හොඳයි.

ලංකාවේ ඉන්න ලිංගික නිර්මාණකරුවන්ව ගස් යවන්න පටන්ගත්තාම, ඒ කර්මාන්තයට කෙළෙව්වාම වෙන්නේ මොකක්ද?

අන්තර්ජාලයේ ලක්ෂ ගාණක් එවැනි ඡායාරූපවල හිමිකාරයන් සහ හිමිකාරියන් පීඩාවට පත් වෙන පසුබිමක් හැදෙනවා. ජීවිත දහස් ගණනකට බලපෑම් එල්ලවෙන වැඩක් ඒ. හැම තැනම කැමරා තියෙන මේ ලෝකයේ තමන්ගේ නිරුවත තමන්වත් නොදැන කැමරාවක රෙකෝඩ් වීම නවත්වන්න බෑ.

අනෙක හැමදේම රෙකෝඩ් කරන මේ ලෝකයේ, තමන්ගේ ලිංගික ජීවිතයෙන් පුංචි කෑල්ලක් තමන් වෙනුවෙන් විතරක් රෙකෝඩ් කිරීමේ අහිංසක ආසාවත් කොච්චර කළත් නවතින්නෙ නෑ.

ඉතින්, එහෙම කෙනෙක්ට තියෙන එකම බලාපොරොත්තුව එහෙම වීඩියෝවක් හෝ ෆොටෝ එකක් කවුරුහරි හොරෙන් ප්‍රසිද්ධ කළොත්, ඒවා මිලියන ගණනක් වූ පෝන් පරිභෝජකයන්ට වහා මුදාහරින්නේ නැති වෙබ්සයිට් ඇල්ගොරිදම්. ඒ හොරකම් කළ වීඩියෝ වෙනුවට නිර්මාණවලට ඉඩ ලැබෙන ඇල්ගොරිදම්. ඒ කියන්නේ පරිගණක පද්ධති.

දැන් මේ දඩයංකාරයෝ උත්සාහ කරන්නේ ඒ ඇල්ගොරිදම්වල පෙරමුණටම හොරකම් කළ වීඩියෝ දාන්නයි. කලින් කීව පවුලටත් වඩා තව පවුල් ගාණක් අමාරුවේ දාන්නයි.