ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ දත්ත ගොනු කිහිපයක් මැකුණේ ඉංජිනේරුවකුගේ අත්වැරදීමකින් බවත්, පද්ධතියට ඇතුළුවීමට අවසර ලද පසු අදාළ දත්ත යළි ප්‍රතිස්ථාපනය කළ හැකි බවත් එම අධිකාරියේ මෘදුකාංග පද්ධතිය භාර සමාගම කියා තියෙනවාලු.
ඒත්, රසවත් කාරණය තමයි අද දෙරණ වැනි මාධ්‍ය ආයතනවල ඉඩ මේ දත්ත මැකුණු ප්‍රවෘත්තියට නොලැබුණත්, දත්ත ගන්න පුළුවන් බව වාර්තා කිරීම.
ඖෂධ නියාමනය හා සැපයුම් රාජ්‍ය අමාත්‍යවරයාත්, අධිකාරියේ සභාපතිවරයාත් අද දෙරණට කියා තිබුණේ මැකී ගිය දත්තවලට අදාළ මුල් පිටපත් සුරක්ෂිතව පවතින බව.
මේ දත්ත මැකීමේ පුවත ගැන බොහෝ සැක සංකා මතු වී තිබුණා. ඇතැම් අය ඍජුව හා වක්‍රව දෙරණ ආයතනයේ හිමිකරු දිලිත් ජයවීර දෙසට ඇඟිල්ල දිගු කර තිබුණා.
කවුරුත් ප්‍රමාණවත් විදියට ඒ චෝදනාව තහවුරු කරන්න දත්ත ඉදිරිපත් කරලා තිබුණේ නැහැ. එහෙත් දිලිත් ජයවීර මහතා හිමිකරුවෙක් වන ජෝන් ස්ටුවර්ට් ආයතනය ඖෂධ වෙළඳාමේ යෙදෙන නිසාත්, එය දිලිත් ජයවීර මහතාගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන නිසාත් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොකර වුවත්, ඇතැම් අය චෝදනා ඉදිරිපත් කළා.
අද දෙරණ වාර්තාවේ මෙහෙම වාක්‍යයක් සඳහන් වී තිබුණා.
‘එම පද්ධතියේ ඇතුළත් යම් දත්ත ප්‍රමාණයක් මැකී ගොස් ඇතැයි ඉකුත් ජූලි මසදී අනාවරණ වූ අතර එය යම් පාර්ශ්වයක කුමන්ත්‍රණයක් බවට විපක්ෂය ඇතුළු පාර්ශ්ව කිහිපයකින්ම චෝදනා එල්ල වුණි.’
කෙසේ වෙතත් අප කල්පනා කළ යුත්තේ දත්ත යළි ලබාගැනීමට පුළුවන් බව කී පමණින්, එය යම් පාර්ශ්වයක කුමන්ත්‍රණයක්ද කියන සැකය පහ වෙන්නේ නැති බව.