කොවිඩ් – 19 මර්දනය කිරීමේ රජයේ ක්‍රියාමාර්ග විවේචනය කරන මාධ්‍යවේදීන්, රාජ්‍ය නිලධාරීන් හා වෛද්‍යවරුන්ට එරෙහිව තර්ජනය කිරීම හා හිංසනය කිරීම මෙන්ම සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ශ්‍රී ලංකා රජය වහාම නතර කරන්න කියා අයි.සී.ජේ. හෙවත් ජාත්‍යන්තර නීතිවේදී කොමිසම අවධාරණය කරලා.
ඒ ආයතනයේ නිවේදනයක මේක තියෙනවා. එහි මූලිකවම කතා කරලා තියෙන්නේ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම ගැනත්, අවිස්සාවේල්ල රෝහලේ වෛද්‍ය නජිත් ඉන්දිකව සීඅයිඩීයෙන් ප්‍රශ්න කිරීම ගැනත්.
ඊට අමතරව සමාජ මාධ්‍යවල අදහස් දැක්වීම නිසා අත්අඩංගුවට පත් වූ අය ගැනත් එහි සඳහන්.
ඒකේ වැඩිපුර තියෙනවා අයිසීසීපීආර් හෙවත් ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුතියේ 19 වගන්තිය අනුව ප්‍රකාශනයේ අයිතිය ආණ්ඩුවක් රකින්න ඕනෑ කියලා.
ඒ අනුව අදහස් දක්වන අය කොටු කිරීමෙන් ආණ්ඩුව ජාත්‍යන්තර නීතියට පස්ස හරවන බවත් මේ නිවේදනයේදී පෙන්නලා තියෙනවා.