කපන්න පුලුවන් වියදම් කපන්න බැසිල් කියයි..

අමාත්‍යංශවල කපා හැරිය හැකි වියදම් සහ එමගින් ඉතිරි කිරීමට අපේක්ෂිත අරමුදල් ප්‍රමාණය ගැන වාර්තාවක් හදලා මේ සතිය ඇතුලත භාරදෙන්න කියලා මුදල් අමාත්‍යංශය සියලුම අමාත්‍යංශවල ලේකම්වරුන්ට දැනුම් දීමක් කරලා.

ඒ වගේම රාජ්‍ය  සේවකයන්ට ලබා දෙන  පැමිණීමේ දීමනා, ඉන්ධන දීමනා ගැනත් ක්‍රමවේදයක් හදන්න කියලා අමාත්‍යාංශය ලේකම්වරුන්ට දන්වලා.

කොවිඩ් අර්බුදය නිසා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදය නිසා රජයේ ආදායම අපේක්ෂිත මට්ටමට වඩා විශාල වශයෙන් අඩුවීමත් ,එම ආදායම මේ වසරේ රජයේ වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නොවීම නිසා මේ තීරණය ගෙන තිබෙනවා.

මේ විදියට රජයේ වියදම් සීමා කිරීම ගැන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගිය සතියේදී කැබිනට් මණ්ඩලය දැනුවත් කළා.

ඒ අනුව දැනට මුදල් වෙන්වෙලා තිබුණ, තවමත් පටන් අරගෙන නැති සියලුම ව්‍යාපෘති නතර කරන්න කටයුතු කරලා. ඒ වගේම අමාත්‍යංශ වල නව මිලදීගැනීම් ඉදිකිරීම් සහ ගොඩනැගිලි අලුත්වැඩියා කටයුතු තාවකාලික අත්හිටුවලා.