තොග වෙළදාමට රජය මැදිහත් වෙන්න ඕනෑ – වාසු

කූඨ වෙළඳන්ගේ ග්‍රහනයෙන් රටේ මිනිස්සු මුදවා ගන්න තොග වෙළඳාමට අනිවාර්යයෙන් රජය මැදිහත් වෙන්න ඕනෑ බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා.

‘සමහර වෙළෙන්දන් තමන්ට ඕනෑ විදියට හිතුමතේ භාණ්ඩ මිල ඉහල ඉහළ දානවා. රට ලොක්ඩවුන් කළාට පස්සේ මේ තත්ත්වය තවත් වැඩි වුණා.’

‘රජය තොග වෙ⁣ළෙඳාමට මැදිහත් වෙලා නිසි නියාමනයකට ගන්නවා නම් වෙළෙඳපොල මිල ගණන් පරිබෝගිකයාට පහසු ආකාරයට මෙහෙයවන්න පුලුවන් වේවි කියලා මම විශ්වාස කරනවා’