කඩා වැටිලා තියෙන ආර්ථිකය අර්බුදයෙන් රට සාමාන්‍ය තත්ත්වයකට ගේන්න නම් ඩොලර් මිලියන 250 ක් හෝ 300 ක් අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසලා.
ඔහු මේ බව කියලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවක දී.
රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථික අර්බුදය ගැන ගැන මේ විදියට කියලා තියෙනවා.
‘බංගලාදේශයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු මුදල නැවත පොලියත් සමග ගෙවන්නට වෙනවා. ඒ වගේම චීන රජයෙන් යුවාන්වලින් ලංකාවට ලැබුණු ණය අපිට නැවත ගෙවන්න වෙන්නේ ඩොලර් වලින්’
‘ණය විදියට ලැබුණු මුදල් ලංකාවේ දැන් පවතින ආර්ථික අර්බුදවලින් ගොඩ එන්නට ප්‍රමාණවත් නැහැ. ඉදිරි දිනවලදි අපේ ආර්ථික අර්බුදය වැඩි වෙනවා’