එංගලන්තයේ කොටි තහනම දික් වුණේ කොහොමද?

එංගලන්තයේ ත්‍රස්තවාදී පනත යටතේ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සඳහා තිබුණ තහනම ඉදිරියටත් පවත්වාගෙන යන්න එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම්වරයා තීන්දු කරලා. මේ ගැන ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය ලියුමක් දාලා.

‘කොටි හිතවාදී බටහිර රටවල්’ ලෙස එක්සත් රාජධානිය වැනි රටවල් නිතර චෝදනා ලැබුවාට ඔවුන් කාලාන්තරයක් තිස්සේ කොටි සංවිධානයට විරුද්ධව මෙවැනි තහනම් පැනවීම් ආදිය කළා. ජීනීවා මානව හිමිකම් කවුන්සිලයේදී කොටි හිතවාදීව කටයුතු කරනවායැයි ඇතැම් අය නොදැනුවත්කමින් කීවාට, එක්සත් රාජධානිය ඇතුළු බටහිර රටවල් දිගින් දිගටම පෙන්වා දුන්නේ ‘දෙපැත්තෙන්ම සිදු වූ’ මානව හිමිකම් කඩවීම් ගැන ‘මධ්‍යස්ථව’ සොයා බලන්න ඕනෑ කියලායි.

ඒ රටේ 200 අංක 7 දරණ ත්‍රස්තවාදී පනත යටතේ තමයි කොටි සංවිධානයේ තහනම දීර්ඝ කරලා තියෙන්නේ. ඒ වගේම මේ තහනම අයින් කරන්න කියලා ඉල්ලපු ජාත්‍යන්තර පාර්ශ්ව ගණනාවක් ඉන්නවාලු. ඒත් ඒ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින්, අපේ රටේ ආණ්ඩුව පැත්තේ ඉඳිමින් තහනම දීර්ඝ කරලා.

තහනම් ඉවත් කරන්න කියලා වරින් වර කොටි හිතවාදී පිරිස් උද්ඝෝෂණ පැවැත්වීමත් සිදු වෙනවා. මොකද, ඇතැම් අය විශ්වාස කරන්නේ දෙමළ දේශපාලනයට ක්‍රියාකාරීව පැවතීම සඳහා යම් බටහිර රටක එම තහනම ඉවත් කරගැනීම වාසිදායක වනු ඇති බව. එසේ වුණොත් ඔවුන්ට එවැනි රටක සිට නිල වශයෙන් ක්‍රියාත්මක විය හැකියි. ඒ නිසා බටහිර රටවල් දිගින් දිගටම එල්ටීටීඊ සංවිධානය තහනම් කිරීම මෙරට ආණ්ඩුවට ඉතා වාසිදායකයි.

යුරෝපා සංගමය ඇතුළු රටවල් 30ක විතර කොටි සංවිධානය තහනම්.