වැල යන අතට මැස්ස ගහන තියරියෙන්, ඇඳිරි නීති ගැන තීන්දුවක්!

මේ වනවිට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කරන්නේ ද එසේත් නැත්නම් ඉවත් කරන්නේ ද යන්න සම්බන්ධයෙන් ආයෙත් සැප්තැම්බර් 3 වැනිදා දිනයේ තීරණය කිරීමට නියමිතයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේ රැස්වන කොවිඩ් කාර්යසාධක බළකා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නවාලු. ඒ වෙනකල් අපිත් දන්නෑ, කවුරුත් දන්නෑ ලොක්ඩවුන් එකට වෙන දේ. දැනට ලොක්ඩවුන් එක සැප්තැම්බර් 06 වැනි සඳුදා වෙනතුරු ක්‍රියාත්මකයි. ලොක්ඩවුන් දැම්මේ අගෝස්තු 20.

ලෝක සෞඛ්‍ය සංවිධානයත් අනුබද්ධව, ලංකාවේ විද්වතුන් පිරිසක් ඇඳිරි නීතිය ගැන ඉදිරිපත් කරපු සම්පූර්ණ විද්වත් වාර්තාවේ නම් තිබුණේ වෙන එකක්. ඔක්තෝබර් 2 වැනි දීර්ඝ කාලයකට ලොක්ඩවුන් කරලා, කොටස් වශයෙන් යළි විවෘත කරන හැටි ක්‍රමානුකූලව සැලසුම් කරලා, පූර්ණ සෞඛ්‍ය සැලසුමක් හදන ආකාරය.

සාමාන්‍යයෙන් සාර්ථක රටවල් ලොක්ඩවුන් කළේ ඔය විදියට සැලසුමක් අනුව. කරන්නං වාලේ, ඒ වෙලාවේ තමන්ට එන ප්‍රෙෂර් එක මත ගැලවිජ්ජාවට තීන්දු ගැනීමෙන් වසංගතේ තුරන් කරන්න බෑ.

ඒත් එහෙම සම්පූර්ණ සැලසුම් මොකටැයි? විද්වත් අදහස් මොකටැයි, සතියෙන් සතිය බලලා වැල යන අතට මැස්ස ගහනවා මිසක. එහෙටත් නැති මෙහෙටත් නැති වැඩක් මේ සිද්ධ වෙන්නේ.

කොහොම නමුත් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතිනිය නම් ඉල්ලලා තිබුණා තවදුරටත් ලොක්ඩවුන් කරන්න කියලා. ඒ වගේම අපි කලින් කීව විද්වත් වාර්තාවේත් තිබුණේ ඒ යෝජනාවමයි.