හිරේ ඉදන් ජැක්ලීන්ට මල්, චොක්ලට් එවලා!

ඉන්දීයාවේ විශාල මූල්‍ය වංචා සිදු කළ, සුකේෂ් චන්දසේකර් බොලිවුඩ් නිළි ජැක්ලීන් ෆර්නැන්ඩස්ට චොක්ලට් සහ මල් තිළිණ කරලා තියෙන බව ඉන්දියාවේ මූල්‍ය අපරාධ පිළිබඳ ආයතනයක් වෙන Enforcement Directorate නිලධාරීන් සොයාගෙන තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරලා.

සුකේෂ් චන්දසේකර් මෙහෙයවලා තියෙන ඉන්දීය රුපියල් කෝටි 200 කට අධික මුදල් වංචාවක් ගැන අගෝස්තු 30 වෙනිදා ජැක්ලීන් ෆර්නැන්ඩස්ගෙන් Enforcement Directorate පැය 05 කට ආසන්න ප්‍රකාශයක් ලබාගෙන තිබුණා.

ඒ ප්‍රශ්ණ කිරීම්වලදි හෙලි වෙලා තියෙන්නේ ජැක්ලීන්ව හිතාමතා සුකේෂ් මේ සිද්ධියට සම්බන්ධ කරලා තියෙන බව. ඔහුගේ වාසිය තකා බොලිවුඩ් නළු නිලියන්ව පාවිච්චි කරලා තියෙන බවත් හෙළි වෙලා.

ඇත්තටම සුකේෂ් මේ සේරම අපරාධ කරලා තියෙන්නේ බන්ධනාගාරයේ ඉදන්. ඔහු මේ සියළු මූල්‍ය අපරාධ මෙහෙයවලා තියෙන්නේ දිල්ලියේ , රෝහිණි බන්ධනාගාරයේ ඉදලා.

ජැක්ලීන්ට නිතර නිතර ඇගේ ගෙදරට මල්, චොක්ලට් වගේ දේවල් තෑගී විදියට ලැබිලා තියෙනවා

මේ තැගී එවලා තියෙන්නේ ඔන්ලයින් ඕඩර් කරලා. ඒ තෑගී එවන්නේ කවුද කියලාත් ඒවාවල කවදාවත් සදහන් කරලා නැහැ. ඔහුගේ අනන්‍යතාව හංඟලා ඇගේ රසිකයෙක් විදියට මේ තෑගී එවලා තියෙන්නේ.

Enforcement Directorate සුකේෂ්ගේ අපරාධ ජාලය අල්ලගෙන තියෙන්නේ ඔහුගේ දූරකථනයේ IP address එකෙන්. ඒ පරික්ෂණවලදි බන්ධනාගාරය ඇතුලේ පාවිච්චි කරන දූරකථන අංක 2ක් හඳුනාගෙන තියෙනවා. ඒ කිසිම අංකයක් ඔහුගේ නමින් රෙජිස්ට්‍රර් වෙලා තිබිලා නැහැ.

මේ විමර්ශනය සිදු කරන කණ්ඩායමට දවස් 70 කට වඩා ගත වෙලා තියෙනවාලු මේ විමර්ශනය සිදු කරන්න.

බොලිවුඩ් නළු නිළියන් රැසක් එක්ක මොහු සම්බන්ධයි කියලා පරික්ෂණවලදි හෙළිවෙලා.

ඒ අනුව තමයි ජැක්ලීන්ව ප්‍රශ්ණ කිරීමක් සඳහා කැඳවලා තියෙන්නේ. ඒ වෙලාවේදී ඇය ඇය දන්නා රහස්‍ය තොරතුරු විමර්ශන කණ්ඩායමට කියලා තියෙනවාලු.