ආණ්ඩුවෙන් යන්නේ නැහැ – මෛත්‍රීපාල

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත්වෙන්න කිසිදු සූදානමක් නැති බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසලා.

මේ වෙනකොට අලුත් සන්ධානයක් ගොඩනගන්න කරන කථාබහ අලූත් දෙයක් නොවන බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් යනවා කියලා කෙනෙක් කියනවා නම් ඒ ප්‍රකාශය අසත්‍යක් බව මෛත්‍රීපාල මහතා පවසලා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 70 වෙනි සංවත්සරය දින පැවැත්වෙන වැඩසටහනේදී පක්‍ෂයේ ඉදිරි වැඩ පිළිවෙල පිළිබඳව ප්‍රකාශයක් කරන බවත් ඒ මහතා පවසලා.