නීති විරෝධිව ගබඩා කර ඇති වී රාජසන්තක කරනවා – මහින්දානන්ද

අඩු මිලට වී මිලදී අරගෙන නීතිවිරෝධී විදියට ගබඩා ගෙන ඉන්න සියලුම වී තොග රාජසන්තක කරනවා කියලා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසලා.

ඔහු මේ ගැන කියලා තියෙන්නේ සැප්තැම්බර් 01 වෙනිදා කුරුණෑගල දිස්ත්‍රික්කයේ කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘති කිහිපයක් පරීක්ෂා කරන්න ගිය වෙලාවේදි.

‘නීතිවිරෝධීව ගබඩා කරලා තිබුණ සීනි තොග වැටලීම් කරලා, ඒවා රජයට පවරාගෙන කිලෝව රුපියල් 130ට දෙන්න අපි පියවර ගත්තා. ඒ විදියට අපි නීතිවිරෝධී හාල් ගබඩාත් හාල් කිලෝව රුපියල් 97 බැගින් ජනතාවට ලබා දෙන්න පියවර ගන්නවා.’