ආසාදිතයන් 50,000ක් සමාජයේ! තව සති 2ක් රට වහන්න! සුදර්ශනී ආණ්ඩුවෙන් ඉල්ලයි!

රටපුරා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවත් සති දෙකකට හෝ දීර්ඝ විය යුතු බව තමාගේ පෞද්ගලික මතය බව කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.

එහෙත් මේ පිළිබඳව අවසන් තීරණය ගතයුත්තේ ජනාධිපති කාර්ය සාධක බළකාය බවත් ඇය පැවසීය.

කොවිඩ් ආසාදිතයන් 5000ක් පමණ දෛනිකව වාර්තා වුවත් විශේෂඥ මතය අනුව සමාජයේ ආසාදිතයන් 50,000 ක් පමණ සිටින බවද ඇය පැවසීය.

සැප්තැම්බර් 01 වෙනිදා රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහලට සිදුකළ උපකරණ පරිත්‍යාගයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඇය මෙසේ පැවසීය.

‘ජනතාව හැම වෙලාවේම ස්වයං විනයක් ඇතිව සෞඛ්‍ය පුරුදුවලට අනුගතව කටයුතු කළොත්, කෝවිඩ් වසංගතය අපිට ඉක්මනින් අවසන් කරගන්න පුලුවන් වේවි’