ලංකාවෙ සුළං බලාගාර පස් ගුණයකින් වැඩි කරන විදියේ අති දැවැන්ත ව්‍යාපෘති මාලාවකට යෝජනා ඉල්ලන්න කැබිනට් මණ්ඩලය තීන්දු කරලා.
ඒ කියන්නේ ලංකාවේයි, පිටරටවලයි ඉන්න ලොකු ව්‍යාපෘතිකාරයන්ට යෝජනා ඉදිරිපත් කරන්න කියලා දැන්වීම් දාන්න කැබිනට් එක තීන්දු කරලා.
අපේ රටේ විදුලිබලය 2030 වෙද්දී සීයට හැත්තෑවක් පරිසර හිතකාමී ක්‍රමවලින් විදුලිය හොයන තැනට මාරු වෙන්නයි ඉන්නේ. ඒ කියන්නේ ගල්අඟුරු වගේ ක්‍රම වෙනුවට කෙළින්ම සූර්ය බලය, සුළං බලය වගේ ඒවාට මාරු වෙන්න.
දැනට තියෙන්නේ සුළං බලාගාර මෙගාවොට් 458ක් විතරලු. ඒත්, ඔවුන් බලාපොරොත්තු වෙන්නේ තවත් මෙගාවොට් 3500කින් වැඩි කරන්න. ඒ වගේම රටේම විදුලිබල පද්ධතිය සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු කරන මේ ව්‍යාපෘතියේදී ලංකාවේ සම්පූර්ණ විදුලිබල ‘සර්කිට් එක’ වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඇත්තටම පුනර්ජනනීය විදුලිබලයට මාරු වීම ලොකු අවශ්‍යතාවක්. මේ වෙද්දී ලෝකයේ රටවල් ගොඩක් මාරු වෙමින් ඉන්නවා. ඒ නිසා ප්‍රතිපත්තියක් හැටියට මේක යහපත්. ආණ්ඩුවේ නායකයන් වගබලාගන්න ඕනෑ කොමිස්කාරයන්ගේ
කැබිනට් තීන්දු දැනුම්දීමේ නිවේදනයේ ඔය ගැන මෙහෙම සඳහන්.
‘වසර 2030 වන විට මෙරට විදුලිය අවශ්‍යතාවයෙන් සීයට 70ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් සපුරා ගැනීමට ඉලක්ක කර ඇත. දැනටමත් මෙරට විදුලි සංවර්ධනය උපරිම මට්ටමකට ළඟා වී ඇති බැවින් ඒ සඳහා සූර්ය බලය හා සුළං බලය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබේ.
අපේක්ෂිත ඉලක්කයට ළඟා වීම සඳහා දැනට මෙගා වොට් 458ක් වන ස්ථාපිත සුළං බලාගාර ධාරිතාව තවත් මෙගාවොට් 3,500කින් වැඩි කළ යුතු වේ.
එමෙන්ම එලෙස නිපදවන විදුලිබලය ජාතික සම්ප්‍රේෂණ පද්ධතියට ලබා ගැනීමට හැකි වන පරිදි ජාතික සම්ප්‍රේෂණ පද්ධතිය නවීකරණ කිරීමද සිදු කළ යුතුව තිබේ.
ඒ අනුව හඳුනාගනු ලබන මෙගාවොට් 50ට වැඩි ව්‍යාපෘති සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් එම ව්‍යාපෘති මූල්‍යනය කිරීම සඳහා උනන්දුවක් දක්වන දේශීය හා විදේශීය ආයෝජකයන්ගෙන් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අභිප්‍රාය පළ කිරීමේ යෝජනා කැඳවීම පිණිස විදුලිබල අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.’