ගුරු-විදුහල්පති වැටුප් විෂමතා පිළිබඳ ගුරුවරුන්ගේ ඉල්ලීම මත කැබිනට් මණ්ඩලයට දාපු යෝජනාවට අගෝස්තු 30 වැනිදා කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය ලැබුණා. කෙසේ වෙතත්, ඊළඟ අයවැය දක්වා ගුරුවරුන් ඉල්ලන වැටුප් වැඩිවීම ලබා නොදෙනු ඇති. එතෙක් රුපියල් 5000ක මාසික දීමනාවක් ගෙවීමට යෝජනා වෙලා.
ඒ අනුව අයවැය දක්වා මාස දෙකක් එම දීමනාව ලැබෙනු ඇති. එතෙක් ඔන්ලයින් ක්‍රමයට උගන්වන ලෙස ගුරුවරුන්ගෙන් ඉල්ලන්න කැබිනට් මණ්ඩලය තීන්දු කරලා.
ගුරු-විදුහල්පති වෘත්තිය සමිති තවමත් මෙම තීන්දුවට ප්‍රතිචාර දක්වලා නැහැ.
කැබිනට් තීරණ දැනුම් දීමේ රජයේ නිවේදනයේ ඒ ගැන මෙසේ සඳහන්.
‘ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින් ගුරු, විදුහල්පති හා ගුරු උපදේශක වෘත්තිය සමිති 33ක නියෝජිතයින් සමග සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද නිර්දේශ අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලා පහත සඳහන් තීරණයන්ට එළඹෙන ලදී.
- අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රතිපත්තියක් වශයෙන් අනුමත කිරීම.
- ගුරු සේවය, ගුරු උපදේශක සේවය සහ විදුහල්පති සේවය යන සේවාවන් සංවෘත සේවා වශයෙන් 2021 නොවැම්බර් මස 20 වැනි දිනට පෙර ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීම.
- අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින් ගුරු- විදුහල්පති වැටුප් විෂමතාවන් ඉවත් කිරීම සඳහා නිර්දේශිත වැටුප් සංශොධනයන් 2022 අයවැය යෝජනාවක් මගින අදියරගතව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම.
- 2021 සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන මාසයන් සඳහා සිය රාජකාරි කටයුතුවල නිරත වන ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සඳහා රුපියල් 5000ක් බැගින් වන විශේෂ දීමනාවක් ගෙවීම.
- අනු කාරක සභාවේ සෙසු යෝජනා පළාත් සභා හා අනෙකුත් අදාළ බලධාරීන් සමග එක්ව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මාස 6ක් තුළ ක්‍රියාත්මක කිරීම.’