ෆයිසර් එන්නත් මිලිටරිකරණයට විරෝධයෙන්, GMOA ඇමතිට ලියලා

ෆයිසර් ආයතනයේ කොරෝනා එන්නත් ලබාදීම සම්පූර්ණයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව වෙත ලබා දීමේ තීන්දුව ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමතිවරයාට ලියුමක් දැම්මාලු.

ඒ සංගමයේ ලේකම් සෙනාල් ප්‍රනාන්දු දිවයින පුවත්පත එක්ක කරපු අදහස් දැක්වීකදී විරෝධය පළ කරමින්, මේ ලියුම ගැන කියා තිබුණා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඩේලි මිරර් සමග කරපු අදහස් දැක්වීමකදීත් මේ විරෝධය ඉදිරිපත් කරලා තිබුණා.

එන්නත් දෙන්න ඕනෑ ක්‍රමය, බෙදාහැරීම සහ එන්නත් දෙන එක සෞඛ්‍ය අංශවලින් කෙරෙන්න ඕනෑ බව ඔහු කීවා. ඒ වගේම තීන්දු ගන්න එක සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ එස්.එම්. ආනෝල්ඩ්ගේ මූලිකත්වයෙන් පිහිටවපු එන්නත්කරණය පිළිබඳ වසංගත රෝග විද්‍යා අංශයේ කේන්ද්‍රීය ස්ථානයකින් වෙන්න ඕනෑ බවත් ඔහු අවධාරණය කරලා තිබුණා.

කොහොම වුණත් වෛද්‍යවරුන් එන්නත්කරණය කරන විදිය හොඳ නැහැ කියල තීන්දු කරපු ආණ්ඩුවේ ලොක්කෝ ඒ වැඩේ හමුදාවට බාර දීලා තිබුණා. සෞඛ්‍ය විශේෂඥයන්ටත් ඉහළින් ඒ වැඩේ ගැන තීන්දුව අරන් තිබුණේ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා.