‘සිළුමිණ’ පුවත්පතේ බොරු පුවතක් ගැන ගුරු විදුහල්පතිවරුන්ගෙන් ඩලස්ට පැමිණිල්ලක්..

සිළුමිණ

ගුරු උද්ඝෝෂණයට එක්වූ ගුරුවරුන්ට කොරෝනා හැදිලා. මරණ 25 යි ආසාදිතයන් 400 යි” යනුවෙන් සිළුමිණ පුවත්පතේ පළ වෙලා තිබුණු අසත්‍ය පුවත ගැන ගුරු විදුහල්පතිවරුන්ගේ ඒ්කාබද්ධ සන්ධානය ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට අගෝස්තු 30 වෙනිදා පැමිණිල්ලක් කරලා තියෙනවා.

ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ තියෙන ජාතික පුවත්පතක් වෙන සිළුමිණ පුවත්පතේ මේ විදියට අසත්‍ය පුවත් වාර්තා කිරීමෙන් මේ වෙනකොට ගුරුවරු සහ විදුහල්පතිවරු ආරම්භ කරලා තියෙන වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් වෛරී හැඟීමක් ඇති වෙනවා කියලාත්, මේ වගේ අසත්‍ය පුවත්වලින් ගුරු විදුහල්පතිවරුන්ට බරපතල අපහාසයක් සිදු වෙනවා කියලාත් මේ පැමිණිල්ලේ තියෙනවා.

පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනී වසන්තා හඳපාන්ගොඩ මහත්මිය සිළුමිණ පුවත්පතට හෙළිකළ බව පවසා සුභාෂිණී ජයරත්න මාධ්‍යවේදිනියගේ නමින් පළකර තිබුණු මේ පුවතේ කෝවිඩ් ආසාදිතව මියගියා යැයි සදහන් වෙලා තියෙන 25 දෙනාගේ නම් හෝ ඒ් දත්ත තහවුරු කරලා නැති බව මේ පැමිණිල්ලේ සදහන් වෙනවා.

ඒ් වගේම ගුරු – විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා උද්ඝෝෂණවලට සහභාගි වෙලා යම් ගුරුවරයෙක් මේ කියන විදියට මියගිහින් තියෙනවා නම් ඒ්ක ජනතාවට දැනුම් දෙන්න ඹ්නෑ සෞඛ්‍ය අංශ බවත් සෞඛ්‍ය අංශ තහවුරු නොකරපු කරුණක් මේ විදියට පොදු ජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනිය කිව්වා කියලා සිළුමිණ පුවත්පතේ මුල් පිටුවේම පළ කරන්නේ කුමන මාධ්‍ය සදාචාරයක් අනුගමනය කරමින්ද කියලා ප්‍රශ්ණයක් ඇති වෙලා තිබෙන බවත් පැමිණිල්ලේ සදහන් වෙලා තියෙනවා.

සිළුමිණ පුවත්පතේ පළවෙලා තිබුණු මේ අසත්‍ය පුවත සම්බන්ධයෙන් වහා සොයා බලා ඒ් පුවත සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්න කියලාත් ගුරු විදුහල්පති ඒ්කාබද්ධ සන්ධානය ජනමාධ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා.

මේ පැමිණිල්ලේ පිටපතක් සිළුමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධර්මන් වික්‍රමරත්න මහතාටත් යොමු කරලා තියෙනවා.

සිළුමිණ පුවත්පතේ 2021.08.29 වෙනි ඉරිදා කලාපයේ මුල් පිටුවේ පළ වෙලා තිබුණේ මෙසේ..

“ගුරු උද්ඝෝෂණයට එක්වූ ගුරුවරුන්ට කොරෝනා හැදිලා. මරණ 25යි ආසාදිතයන් 400 යි”   කෝවිඩ් රෝගයට ගොදුරු වීමෙන් මේ වන විට පාසල් ගුරුවරු 25 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවත්, මියගිය ඒ සියලු දෙනා පසුගියදා පැවති ගුරු උද්ඝෝෂණවලට සහභාගි වූ අය බවත්, මේ වන විට ගුරු උද්ඝෝෂණවලට සහභාගි වූ 400 කට ආසන්න පිරිසක් කෝවිඩ් ආසාදනයට ලක්ව ඇති බවත් අදාළ පුවතේ සඳහන් කර ඇත.  

සාමාන්‍යයෙන් යම් කෙනෙකුට චෝදනාවක් නගමින් ප්‍රවෘත්තියක් පළ කරනවා නම් ඒ චෝදනා නගන පාර්ශවයෙන්ද කරුණු වීමසීමක් කරන්න මාධ්‍ය ආයතන කටයුතු කරනවා. විශේෂයෙන්ම ‘අනිද්දා සහ රාවය’ වගේ. මොකද මේ විදියේ පුවතක් පළ වෙලා චෝදනාවක් එනවා නම්, ඒ් චෝදනාව එන්නේ ප්‍රවෘත්තිය ලියපු මාධ්‍යවේදියාට විතරක් නෙවෙයි. ඒ් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ, පුවත්පතේ කර්තෘ සහ පුවත්පතට.

පුවත්පතේ යම් ලිපියක් හෝ ප්‍රවෘත්තියක් පළ වෙනවා නම් ඒ් සියළු දේවල් පුවත්පතේ කර්තෘවරයා කියවලා, අනුමත කළ පස්සේ තමයි මුද්‍රණය කරලා ප්‍රසිද්ධ කරන්නේ.

ඒ් වාගේම මේ විදියට බරපතල ගැටළුවක් වාර්තා කරනවා නම් අනිවාර්යයෙන් අදාල පාර්ශවයන්ගෙන් අහන්න ඹ්නෑ

අනිවාර්ය‌යෙන්ම වගකිව යුතු පාර්ශවයන්ට, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නම් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ට හෝ ඒ් සම්බන්ධයෙන් පත් කරලා ඉන්න විශේෂඥයින්ට කතා කළ යුතුයි.

ආර්ථිකය සම්බන්ධයෙන් නම් ආර්ථික විශේෂඥයිිිින්ගෙ‍‍‍න් ඒ් කාරණය ගැව අහන්න ඹ්නෑ .