ආණ්ඩුව අගෝස්තු 30 වෙනිදා වෙන කොට ගුරු වැටුප් ගැටලුවට විසඳුමක් දෙනවා නම්, ගුරු විදුහල්පතිවරු වර්ජනය අවසන් කරලා රාජකාරිවලට වාර්තා කරන්න සුදානම් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් අපි කරපු විමසීමකදී කීවා.
‘මේ වෙනකොට කෝවිඩ් වසංගතය නිසා දරුවන්ගේ පංති කාමර තුළ ලබපු අධ්‍යාපන ක්‍රමය නතර වෙලා ඒක ඔන්ලයින් අධ්‍යාපනයක් බවට පත්වෙලා මාස 17 ක් වෙනවා. ළමයි ලක්ෂ 43 ක් ඉගෙන ගන්නවා. ඒ සිසුන්ගෙන් ඔන්ලයින් අධ්‍යාපනය ලැබෙන්නේ 40% ක් විතරයි. ඉතිරි සිසුන් 60% කට මාස 17 ක කාලයක් අධ්‍යාපනය ලබා ගන්න ආණ්ඩුව කිසිම වැඩ පිළිවෙලක් සකස් කලේ නැහැ.
‘මෙතෙක් කාලයක් ගුරුවරුන් තමන්ගේ වියදමෙන් අන්තර්ජාල පහසුකම් වලට මුදල් ගෙවමින් ළමයින්ට අධ්‍යාපනය ලබා දුන්නා. අපි ඒකට කිසි දෙයක් කියන්නේ නැහැ. අපේ ඉල්ලීම් ඉටු වුණොත් ඊළඟ සඳුදා ඉඳන් ඒ විදියටම අපේ වියදමෙන් අධ්‍යාපන කටයුතු කරන්න ලෑස්තියි.’
මේ හැරුණාම මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ සහ අදහස් ප්‍රකාශනයේ නිදහසට ගරු කරමින් වෘත්තිය සමිති හා සමාජ මාධ්‍ය ක්‍රියාධරයන් මර්දනය නවත්වන්න කියලා ඔහු බල කරලා ඉල්ලනවා. මේ වෙද්දී සමාජ මාධ්‍යවල වගේම වෙබ් අඩවිවල පවා අදහස් දක්වන අය දඩයම් කරමින් ඉන්න බව ඔහු කියනවා. ශිෂ්‍ය ව්‍යාපාර, මාධ්‍යවේදීන් වගේම වෘත්තිය සමිති නායකයන්ට එල්ල වෙන තර්ජනයන් ගැන ඔහු දැඩි විරෝධය දක්වනවා.