ලොක්ඩවුන් අපිට ඔරොත්තු දෙන්නේ නැහැ – කබ්‍රාල්

රට තවත් ලොක්ඩවුන් කරගෙන සිටිම ලංකාවේ ආර්ථිකයට ඔරොත්තු දෙන්නේ නැහැ කියලා මුදල් ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් කියනවා.

මේ වෙනකොටත් ලංකාවේ ජනගහනයෙන් භාගයකට වගේ මේ ආර්ථික කඩා වැටීමට මුහුණ දෙන්න වෙලා තියෙන බවත් විවිධ වයාපාර කරන සුළු හා මධ්‍යම පරිමාණ වයාපාරිකයන් ලක්ෂ 45 කට වැඩි පිරිසකගේ වයාපාර කටයුතු මේ වෙනකොට අඩාල වෙලා තියෙන බවත් ඒ මහතා කියනවා.

මේ වෙනකොටත් රට ලොක් ඩවුන් කරපු නිසා ලංකාවේ දිනක් තුළදි උපයන දළ දේශීය නිෂ්පාදිතයෙන් ආදායම රුපියල් කෝටි 1500 කට වඩා අහිමි වෙන බවත් ඒ මහතා කියනවා.

ශ්‍රී ලංකාව වැනි රටක් ලොක්ඩවුන් කළ නිසා රටේ ආර්ථික කඩා වැටිම සුළුපටු එකක් නොවන බවත් මේ ලොක්ඩවුන් කාලය කෙටි කර ගැනීමට රටේ සියළු දෙනා කැපවීමෙන් කටයුතු කරන්න ඕනෑ බවත් ඒ මහතා කියනවා.

ඔක්තෝබර් 2 දක්වා ලොක්ඩවුන් කළොත් මරණ 10,000ක් අඩු කරගන්න ඕනෑ බව ලංකාවේ සිටින ඉහළම සෞඛ්‍ය විශේෂඥයන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කළ වාර්තාවක දැක්වෙනවා.