කොළඹ වරායේ ගොඩගැහිලා තිබුණ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ තියෙන කන්ටේනර් 400ක් විතර ඉක්මනින් නිදහස් කරන්න පියවර ගන්න බව බැසිල් රාජපක්ෂ මහතා කියලා.
මේ විදියට බඩු හිර වෙලා තියෙන්නේ ඩොලර් අර්බුදය නිසා. බැසිල් රාජපක්ෂ මහතා කියා තියෙන්නේ ඩොලර් එකේ මිල ඉහළ යෑමෙන් වරාය ගාස්තු වැඩිවීමක් තියෙන හින්දා භාණ්ඩ ආනයන කරපු අය ඒවා වරායෙන් මුදාගන්න එන්න පරක්කු වෙන බව. ඒ නිසා කන්ටේනර් ට්‍රැෆික් එකක් තියෙන බවත්, සතිය ඉවරවෙනකොට ඒක ඉවර කරන්න බලාපොරොත්තුවෙන බවත් කියලා.
කිරිපිටි වගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කරන්න ඩොලර් හිඟය බලපාලා තියෙන බවත් ඔහු පිළිඅරන්. ඒ ගැන කතා කරලා භාණ්ඩ ගෙන්වන්න අවශ්‍ය ඩොලර් මුදාහරින්න පියවර ගන්න බව කියලා.
ඒ අතරේ සීනි පැටවූ කන්ටේනර් තියෙන බව ඔහු කියලා.
මව්බිම වාර්තා කරලා තියෙන විදියට පහුගිය සතියේ මුදල් ඇමතිවරයා මුණගැහිලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මුදල් ඇමති බැසිල් මුණගැහිලා සීනි, කිරිපිටි, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාරවල හිඟයක් ගැන කතා කළාට පස්සේ. ඒකට උත්තර විදියට.