තමිල්නාඩු මහඇමතිගෙන් ලාංකිකයන්ට කෝටි 317 දැවැන්ත ව්‍යාපෘතියක්! ඇත්තටම හොඳ වැඩක්

තමිල්නාඩුවේ මහඇමති එම්.කේ. ස්ටාලින් එරට ජීවත්වෙන ශ්‍රී ලාංකික සරණාගතයන්ට ඉන්දීය රුපියල් කෝටි 317ක සහන පැකේජයක් ලබාදෙන බව නිවේදනය කරලා.

මෙලෙස යුධ සමයේ ගැටුමට මැදිව අසරණ වෙලා උතුරේ ජීවිතය අසීරු වෙද්දී ඉන්දියාවට ගිය ලොකු පිරිසක් ඉන්නවා. මාරාන්තික ගමන්වලින් පසු අනූ ගණන්වල සිට යුද්ධාවසානය දක්වා මෙලෙස ගිය බොහෝ අය ඉතා දුප්පත් අය. යුරෝපයට හෝ කැනඩාවට යන්නට වත්කමක් නොතිබුණු අය. ඔවුන් යුද්ධයේ අමිහිරි අත්දැකීම්වලට එරෙහිව ගියත්, දුප්පත්කම නිසාම ඉන්දියාවේ ඉතා අසරණ ජීවිත ගත කළා.

තමිල්නාඩුව පවා තමන්ගේ අය විදියට මේ අයව බාර නොගැනීමෙන් නිසි රැකියා කරගන්නට නොහැකිව ඔවුන් දිවි ගෙව්වා. ඉන්දීය දෙමළ ජාතිකයන් පවා කෙතරම් ලංකාවේ යුද්ධය ගැන කැක්කුමෙන් කතා කළත්, මේ අරසණ මිනිසුන්ට අවධානය යොමු කළේ අඩුවෙන්. පිටින් ආ මේ අය තමන්ගේ අවස්ථා ඩැහැගන්නවාට එදිනෙදා බිම් මට්ටමේ සිටි ඉන්දියානුවන් කැමති වුණේ නැහැ.

අනෙක් පැත්තේ ඒ අය ‘ඉන්දියාවට ගිය අය’ නිසා කවදාවත් ලංකාවේ ආණ්ඩුවක්වත් ඔවුන් ගැන බැලුවේ නැති තරම්.

ඉතින් මේ අය ගැන කල්පනා කරද්දී අපට හැඟෙන දෙයක් තමයි ඉන්දියානුවන් කියන්නේ ඉන්දියානුවන්. ලංකාවේ සිංහල අයත් ලංකාවේ දෙමළ අයත් කතා කරන්නේ භාෂා දෙකක් වෙන්න ඇති. ඒත්, අපට අනුව නම් ඉන්දියාවේ අයට වඩා ඔවුන් අපේ අය. ලංකාවේ අය.

මෙලෙස ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි කිහිපදෙනෙක් එක්ක කිලිනොච්චියේ භාරතීපුරම් නම් ගම්මානයේදී කතාබහ කරන්නට අපට මීට පෙර හැකි වුණා. ඔවුන් කී කතා මිනිසුන් ජීවිතය ගැටගසාගැනීම වෙනුවෙන් වින්ද කටුකම අත්දැකීම ගැන කතාන්දර. ඒ නිසයි ලියන්නම ඕනෑ, මේක ඇත්තටම හොඳ වැඩක් බව.

ඒ් අනුව තමිල්නාඩු මහ ඇමතිවරයා කියා ඇත්තේ ලාංකිකයන්ට නිසි ජීවිතයක් ගෙවන්නට අවශ්‍ය සහන ලබා දෙන බව. රැකියා අවස්ථා වගේම වඩා යහපත් ජීවන තත්වයක් සඳහා පහසුකම් දෙන බව.

අවතැන් කඳවුරුවල ජීවත්වීමට අසීරු ඉදිකිරීම් වෙනුවට නනිවාස 7469ක් ඉදිකිරීම සඳහා ඉන්දීය රුපියල් කෝටි 231ක් වෙන් කරලා.

එමෙන්ම ලාංකිකයන් අතරින් අධ්‍යාපන සුදුසුකම් ලැබූ සිසුන් 50 දෙනෙකුගේ ඉංජිනේරු අධ්‍යාපනය සඳහා වියදම් දැරීමටතත් එම වයාපෘතතියේදී තතීන්දු කරලා. මීට අමතරව තව සිසුන් විශාල පිරිසකට රැකියා සඳහා සුදුසුකම් ලැබීමට අවශ්‍ය පරිදි අධ්‍යාපන වියදම් දරන්න එකඟ වෙලා.