වර්ගය හොයන්නේ නැතිව.. එන්නත විදගන්න.. සුදර්ශනී ඉල්ලයි

කෝවිඩ් වෛරසයේ විකෘති ප්‍රබේදයක් වන ඩෙල්ටා ප්‍රබේදය සීඝ්‍රයෙන් එකිනෙකා අතර පැතිරී යන බැවින් එන්නත ඉක්මනින් ලබා ගන්නා ලෙසත්, එන්නත් වර්ගය සොයාන්නේ නැතිව ඕනෑම එන්නතක් ලබා ගන්නා ලෙසත් රාජ්‍ය අමාත්‍ය සුදාර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා.

‘මේක ජීවිතයත් එක්ක තියෙන ගනුදෙනුවක්, රටේ ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේ නැතිව නහයයි, කටයි වහගත්තේ නැත්නම්, අනවශ්‍ය විදියට සෙනග ගැවසෙන තැන්වලට යනවා .. එනවා නම්.. රට වැහුවා කියලා අපිට වසංගතය පාලනය කරන්න හම්බවෙන්නේ නැහැ.. තමන්ගේ ආරක්ෂාව තමන් සපයා ගන්න ඕනෑ’