සීනි ඕනෑ කියන්නේ දියවැඩියාවට බෙහෙත් බොන අය- සහන් ප්‍රදීප්

මාධ්‍ය ඉදිරියට ඇවිත් වැඳලා කියන්නම් සීනී ඕනෑ බව කියමින් ප්‍රකාශ දෙන බහුතරක් දියවැඩියාවට බෙහෙත් බොන පිරිස් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් පවසනවා.

අගෝස්තු 26 වෙනිදා රූපවාහිනී නාලිකාවල විකාශය වූ ප්‍රවෘත්ති අතරතුර එවැනි දියවැඩියාවට බෙහෙත් බොන අයගේ ප්‍රකාශ කිහිපයක්ම ඔහු දැක්ක බව ඒ මහතා පවසනවා.

මේ රටේ තරුණ පරපුරත්, ළමා පරපුරත් රැක ගන්න නම් මේ සීනී භාවිතය අඩු කළ යුතු බවත් ඒ මහතා පවසනවා.

සීනි මිල වැඩි වීම ප්‍රශ්ණයක් වුණත් මේ දියවැඩියාවට බෙහෙත් බොන, වොයිස්කට් දෙන බහුතරයක් ප්‍රශ්ණයක් බවත් ඒ මහතා පවසනවා.