අගෝස්තු 27 වැනිදා කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 214ක් වාර්තා වුණා. මේ සංඛ්‍යාව දිනක පැය ගණන වන 24න් බෙදුවොත් 8.91ක්.
මීට සති කිහිපයකට පෙර සිට රට ලොක්ඩවුන් කරන ලෙසත්, එසේ වුණොත් මරණ විශාල ප්‍රමාණයක් නවත්වාගත හැකි බව විශේෂඥයන් කී බවත් සිහිපත් කළ යුතුයි.
බෝම්බ ප්‍රහාරයකින් හෝ වෙනත් ඕනෑම උපද්‍රවයකින් 214 දෙනෙකු මියගියේ නම්, එය මහා ජීවිත හානියක් ලෙස සලකනවා. එහෙත්, දැන් මෙය තවත් එක් දවසක් පිළිබඳ කතාවක්.
යුද සමයේදීවත් මෙතරම් ජීවිත හානි දිනකට සිද්ධ වුණාද? මෙය සාමාන්‍ය තත්වයක් විදියට සැලකුවාද?
අගෝස්තු 27 වැනිදා සිදු වූ මරණ සංඛ්‍යාව 4,561ක්.
එදිනම මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා කීවේ කොවිඩ්-19 පිළිබඳ අනවශ්‍ය මරණ බියක් ඇති කරගන්න ඕනෑ නැති බව. රට වැසීම ගැන විරුද්ධ බව.