පොලිස් ලොක්කන්ගේ ප්‍රකාශයට ආගමික නායකයන්ගේ විරෝධය

පසුගිය අගෝස්තු 19 වෙනිදා නන්දන මුණසිංහ සහ දේශබන්දු තෙන්නකෝන් යන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අස්ගිරි මහ විහාරයට පැමිණ  මාධ්‍ය හමුවේ කරපු ප්‍රකාශයෙන් හැගී යන්නේ එම නිලධාරීන් සිංහල බෞද්ධයන් වීම නිසා ඔවුන්ව පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් කිරිමට සැරසෙන බවත් ඒ ප්‍රකාශය තරයේ හෙලා දකින බවත් සර්ව ආගමික නායකයින් පිරිසක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසලා තියෙනවා.

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සහ නීතිමය කටයුතු ජාතිවාදී සහ ආගම්වාදී තලයකට තල්ලු කිරීමේ පහත් අරමුණක් ඒ පොලිස් නිලධාරීන් කළ ප්‍රකාශයේ ගැබ්වී තිබෙන බව එම නිවේදනයේ සදහන් වෙලා තියෙනවා.

කොළඹ කළුතර දිසාවේ ප්‍රධාන සංඝනායක හා කොළඹ නව කෝරළේ නව තොටමුණේ ප්‍රධාන අධිකරණ සංඝනායක පරකඩුවේ සරණංකර හිමි, බියගම ත්‍රෛනිකායික භික්‍ෂු බලමණ්ඩලයේ ලේඛකාධිකාරී බෙලිගල අමරසිරි හිමි, කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා, අගදරගුරු පදවි ජන සන්නිවේදන කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිසාන්ත ප්‍රනාන්දු පියතුමා, මීගමුව පෙරියමුල්ලේ ෂෙයින් අබ්දුල්ලා අබ්දුල් රාමන් මවුලවිතුමා, මීගමුව අධිකරණ ප්‍රදේශය භාර මොහොමඩ් මුහජරීන් මවුලවිතුමා, ශ්‍රී ලංකා හින්දු පූජක සංගමයේ ලේකම් ආර්. දර්ශක ෂර්මා කුරුක්කල්තුමා සහ ශ්‍රී ලංකා හින්දු කුරුක්කල් පූජක සංගමයේ සභාපති වෛතීෂ්වර කුරුක්කල්තුමා යන ආගමික නායකයන්ගේ අත්සනින් අගෝස්තු 24 වෙනිදා එම නිවේදනය නිකුත් කරලා තියෙනවා.

එම නිවේදන පහතින්