නිරෝධායන සහන බඩු මල්ල සීමා වෙලා!

නිරෝධායනය වෙන හැම පවුලකටම මෙතෙක් ලබා දුන්න සහන බඩු මල්ල, හැම පවුලකටම ලබා දෙන්නේ නැතුව නිරෝධායනය වෙන අඩුආදයම්ලාභි පවුල්වලට විතරක් දෙන්න කියලා ආණ්ඩුව තීරණය කරලා තියෙනවා.

අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්, ආර්ථික පුනර්ජීවන සහ දරීද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සම ලේකම් ඇන්ටන් පෙරේරාගේ අත්සන සහිත චක්‍රලේඛයකින් මේ ගැන සෞඛ්‍ය අංශ වල උපදෙස් ලබා දීලා තියෙනවා.

මේ චක්‍රලේඛය සදහන් වෙන විදියට නම් ආණ්ඩුව මේ වෙනකම් ලබා දුන්න රුපියල් දස දහසක් වටිනා වියළි ආහාර සලාකය අගෝස්තු 25 වෙනිදා ඉදලා අඩු ආදායම්ලාභී පවුල්වලට විතරක් දෙන්න කියලා දැනුම් දීලා තියෙන්නේ.