ඉරාජ් අස්වුණේ ඇයි?

ජාතික තරුණ සේවා සභාවේ තමන් දරපු අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වෙනවා කියලා දන්වමින් ඉරාජ් වීරරත්න මහතා තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට ලිපියකින් දැනුම් දීලා තියෙනවා.

මේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් වෙන්න හේතුව විධියට ඔහු ලිපියේ සදහන් කරලා තියෙන්නේ පෞද්ගලික කාරණයක් මත ඉවත් වෙනවා කියලා.

අගොස්තු 23 වෙනිදා ‘ඉරාජ් වීරරත්න’ කියන ෆේස්බුක් පිටුවේ ඇති සියළු සටහන් මකා දමලා තිබුණා. ඉන්පස්සේ ඒ පිටුව ෆේස්බුක් සමාජ මාධ්‍යයෙන් ඉවත් කරගෙන තිබුණා.

ඉරාජ් ගැන ඔහුගේ මිතුරෙකු වන පේෂල මනෝජ් මහතා තැබූ සටහනක් පහතින්.

මේ ආණ්ඩුව බලයට පත්වුණ කාලේ ඉරාජ්ට ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ධූරයක් වගේම 2020 ජනවාරි 14 වෙනිදා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ තනතුරක් ලබා දීලා තිබුණා.