ලබන මාසෙ ශ්‍රී ලංකාවට අදාලව දේවල් තුනක් සිද්ධවෙන්න නියමිතයි. අංක එක තමයි යුරෝපා කවුන්සිලයේ කණ්ඩායමක් ශ්‍රී ලංකාව ගැන රිවීව් එකක් කරන්න එනවා. අංක දෙක සැප්තැම්බර් 13 වැනිදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව ගැන කතා කරනවා. තුන්වැනි එක තමයි චීන අගමැති ලංකාවට එනවා. පෝට් සිටිය ගැන කතා කිරීම තමයි අගමැතිගෙ සංචාරයෙ වැඩේ.
රටක් විදියට අපේ ආර්ථික පැවැත්මට යුරෝපය නැතිව බෑ. ඒත්, යුරෝපය අපට අහිමිවෙන්න යන්නේ. ඒ පාලකයන් කිහිපදෙනෙක් තමන්ගෙ බලය නැතිවෙයි කියල බයෙන්, තමන්ගෙ බල සම්පත්තිය රැකගැනීමේ ආත්මාර්ථකාමී පටු වුවමනාවෙන් කරන වැඩ නිසා.
ඔය අස්සේ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් අඳුරු වළාවක රිදී රේඛාවක් දැක්කානේ. ජුලි මාසයේ භාණ්ඩ අපනයන දත්ත ආවා. ඉතිහාසයේ මාසිකව වැඩිම අපනයන ප්‍රමාණයේ වාර්තාව ඒ මාසයේ තියලා. ඇමෙරිකන් ඩොලර් බිලියනයක භාණ්ඩ අපනයන ශ්‍රී ලංකාව කළා.
මේ වෙලාවේ අපි ඉන්නේ ඩොලර් බිලියන එකයි දෙකයි කියල විදේශ සංචිත නැතිව. අපට ඕනෑ බඩු භාණ්ඩ ගන්නත් සීමා තියෙන, නැත්නම් බඩුවල මිල ඉහළ ගිය කාලයක් මේ. ඉතින් අපි දන්නවා ඩොලර් බිලියනයක් සතු බලය.
ලංකාව ජුලි මාසයේදී ඩොලර් බිලියනය ඉක්මවලා අපනයන කරලා වාර්තාවකුත් තියලා. මාසෙක අපනයන ආදායම ඩොලර් බිලියනය හෙවත් මිලියන 1000 ඉක්මවන්න සමත් වෙලා. ගිය අවුරුද්දේ ජුලි මාසෙ ඩොලර් බිලියන 1085ක් අපනයනය කරපු ලංකාව, එය ඉතිහාසයේ වැඩිම මාසික අපනයන ආදායම විදියට වාර්තාවක් තැබුවා.
මේ ජුලියේ ඩොලර් මිලියන 1099ක් වටිනා අපනයනවලින් ඒ මාසික ආදායමේ වාර්තාව කැඩුවා.
2020 එක්ක සංසන්දනය කළාම අපේ ඇඟලුම් සහ තේ අපනයන ආදායම ටිකක් විතර මේ අවුරුද්දේ අඩු වෙලා.
ඒත් අපි මත්ස්‍ය අපනයන ආදායම, මැණික් ආදී අපනයන, රබර්, විවිධාකාර ආහාර නිෂ්පාදන වගේ අපනයන වර්ග තමයි ගොඩක් වැඩි කරගෙන තියෙන්නේ.
ගිය අවුරුද්ද එක්ක බැලුවොත් රටවල් විදියට ඇමෙරිකාව, ඉන්දියාව, කැනඩාව වගේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යවපු අපනයන ප්‍රමාණය ජුලි මාසයේදී වැඩි වෙලා.
ලංකාවේ විදේශ සංචිත කඩාවැටුණු මේ නිශ්චිත මොහොතේ තමයි ‘බටහිර’ ලෝකයත්, ඉන්දියාවත් එක්ක ආර්ථික සහ දේශපාලන සම්බන්ධතාවල වැදගත්කම වැඩිපුරම තේරෙන්නේ.
චීනය අපට ණය දීලා, ඒ ණයවලින් එයාලගෙම සේවා මිලදී ගන්න සලස්සලා, අන්තිමේ කිසි තේරුමක් හෝ ලාභයක් නැති හොල්මන් ඉදිකිරීම් කරවලා, අපි තවත් ණය වෙවී එයාලටම ණය ගෙවන තැනට පත් කරනවා විතරයි.
අද, මේ මොහොතේ අපි තේරුම් ගන්න ඕනෑ පෙර කී රටවල් එක්ක සම්බන්ධතාවල වැදගත්කම.
පහත අපනයන දත්ත සසඳලා බලන්න.
අපි ජනවාරි-ජුලි කාලසීමාවේ දත්ත සැසඳුවොත් චීනෙට කරලා තියෙන අපනයන ඩොලර් මිලියන 164ක් විතරයි වටින්නේ. ඉන්දියාවට කරපු අපනයන ඩොලර් මිලියන 429ක්. ඇමෙරිකා එක්සත් ජනපදයට තමයි රටක් විදියට වැඩිම අපනයන. ඒ මාස ටිකේ ඩොලර් මිලියන 1,631.36 ක්. ඊළඟට යුරෝපා සංගමයෙන් වෙන් වූ එක්සත් රාජධානියට. ඒ කාලසීමාවේ ඩොලර් මිලියන 525.35 ක්.
කලාපයක් විදියට ඒ කාලසීමාවේ වැඩිම අපනයන යුරෝපා සංගමයට. පහත සටහනේ යුරෝපා සංගමයේ රටවල් දක්වලා තියෙන්නේ වෙන වෙනම.
ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් සහනය දෙන එක ගැන අලුතෙන්ම සලකා බලන්න, ලංකාව ඒකට සුදුසුද කියලා රිවීව් එකක් කරන්න යුරෝපා සංගමයේ නියෝජිත කන්ඩායමක් එන්න ඉන්නවා. මේ ගැන අගෝස්තු මාසෙ මුල තිබුණ වෙබිනාර් එකකදී ලංකාවේ ඉන්න යුරෝපා සංගම් නියෝජිතයා කීවා.
ජීඑස්පී ප්ලස් අතීතය, වර්තමානය හා අනාගතය කියන එක මාතෘකාව කරගෙන තමයි ලංකාවේ ව්‍යාපාරිකයන් සංවිධානය කරපු මේ වෙබිනාර් එක පැවැත්වුවේ. ඒකෙදී අපට ජීඑස්පී ප්ලස් නැතිවෙන්න තියෙන ඉඩකඩ ගැනත්, යුරෝපා සංගමය ලංකාව ගැන නොසතුටෙන් ඉන්න බවත් පේන්න තිබුණා.
ජුනි මාසයේදී යුරෝපා පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කරගත්තා යුරෝපීය කොමිසම තාවකාලිකව ජීඑස්පී ප්ලස් සහනය ලංකාවෙන් අයින් කරන්න ඕනෑ කියලා. ඒ යෝජනාවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් අලුතින් කැඩෙන සිදුවීම් සහ ඉස්සර කැඩුණ ඒවා ගැන සොයා බැලීම වගේ කාරණා තිබුණා.
ඒ පැති දෙකෙන්ම දියුණුවක් ලබන්න ලංකාවේ ආණ්ඩුවට ලබු ඇට දෙකක වුවමනාවක් නෑ. පාලකයගෙ පටු බල වුවමනාවලට මර්දනය තදින් ක්‍රියාත්මක කරනවා.
ඉතිං හැබෑට, පරණ මානව හිමිකම් ගැන හොයා බැලිල්ල කොහොම වුණත් පහුගිය කාලෙ උද්ඝෝෂණ කරපු උංව කුදලං ගිය එක යුරෝපා සංගමේ නියෝජිතයො කොහොම රිවීව් කරයිද?
මීට කලිනුත් ලංකාවට තිබ්බ ජීඑස්පී ප්ලස් සහනය මේ ආණ්ඩුව අහිමි කරගත්තා. අපේ විදෙස් මාකට් එකට ලොකු බලපෑමක් වුණා. ඊට පස්සේ නැවත ජීඑස්පී ප්ලස් ලැබුණ නිසා, අපි ටිකෙන් ටික හදාගත්ත මාකට් එකක් තියෙනවා.
ජීඑස්පී ප්ලස් විතරක් නෙවෙයි, මානව හිමිකම් ප්‍රශ්න දරුණු වුණොත් ඇමෙරිකන් මාකට් එකටත් කෙළවෙනවා. ඇමෙරිකාව අපට ජීඑස්පී කියන සහනය දීලා තියෙනවා.
2021 ජනවාරි ඉඳන් ජුනි වෙනකල් විතරක් අපි ඩොලර් බිලියන 2ක අපනයන කරලා තියෙනවා. ඒකෙන් බාගයක් හෙවත් ඩොලර් බිලියන 1.051ක් යුරෝපා සංගමේට. ඉතිරි බිලියනයෙන් සීයට අනූවක්ම වගේ ඇමෙරිකාවට. මිලියන නවසිය ගාණක්.
ඉතින්, මේ මාකට් අපට නැති කරගන්න බෑ.
අනෙක් පැත්තෙන් අපේ ආණ්ඩුව මාකට් පාලනය කරන විදියත් හරිම ඒකාධිපති විදියක්. දැක්කනෙ! බැංකුවලින් සමහර ජාත්‍යන්තර ගෙවීම් නවත්තලා.
සමහර භාණ්ඩ වර්ග අපනයනය කරන්න බෑ. අපි සැරෙන් සැරේ චීනෙන් ගන්නෙ චීන සල්ලිවලින් ණය. ඉතින්, භාණ්ඩ ආනයනය කරනවනං, ඒකත් කරන්න වෙන්නේ චීන සල්ලිවලින්. ලංකාවෙන් යවන බඩු ගැනනේ අපි කතා කළේ.
ලංකාවට ආනයන, ලංකාවට භාණ්ඩ එන්නේ යුරෝපෙන්. ඒකටත් දත්ත ටිකක් අපි කියන්නං.
ගිය අවුරුද්දේ අපි ගෙනාපු භාණ්ඩවලින් සීයට 23ක් චීනයෙන්. ඉන්දියාවෙන් සීයට 20ක්. ඇත්තටම 2020 අවුරුද්දේ යුරෝපා සංගමයෙන් කරපු ආනයන ප්‍රමාණය සෑහෙන අඩු වුණා. පහුගිය දශකයේ යුරෝපයෙන් අඩුවෙන්ම ආනයන කළේ 2020 අවුරුද්දේ.
ඒකට හේතුව දන්නවනෙ. මොකද අපි යුරෝපයෙන් ආනයන කරන ජාතියේ භාණ්ඩ, ලංකාවට ගේන එක ආණ්ඩුව තහනම් කළා.
මේ ගැන යුරෝපා සංගමයේ ලංකාවේ නියෝජිතයා මේ අගෝස්තු මාසෙ මුල වෙබිනාර් එකකදී කණස්සල්ල පළ කරලාත් තිබුණා.
ඔහු කියා තිබුණේ ආනයන සීමා කරන එක අපට තේරෙනවා. ඒත්, ලෝක වෙළඳ සංවිධානයේ නීතිවලට ගරු කරලා ආනයන කළා නම් එයාලා සතුටු වෙනවා කියලා.
අපට ජීඑස්පී ප්ලස් වගේ සහනත් දීලා, අපෙන් ආනයන කරන්න යුරෝපය ලෑස්තියි. ඉතින්, එයාලා බලාපාරොත්තු වෙනවා අපි අනෙක් පැත්තෙන් එයාලගෙ භාණ්ඩත් ගෙන්වයි කියලා.
ඒ වෙනුවට අපි හැම බඩුවක්ම වගේ වැඩි වැඩියෙන් චීනෙන් ගේන අතරේ, අපෙන් යවන බඩු විතරක් යුරෝපෙටයි ඇමෙරිකාවටයි යවන්න බලන එක සම්පූර්ණයෙන් විහිළුවක්.
ලංකාව 2020 අවුරුද්දෙ කරපු අපනයන ඩොලර් බිලියන 10ක් විතර. 2021 අවුරුද්දේ ඩොලර් බිලියන 12ක් අපනයන කරන්න බලාපොරොත්තු වෙනවා. ජුලි මාසය වෙද්දී ඩොලර් බිලියන 7කට ආසන්න ප්‍රමාණයක් ඒ ඉලක්කය ළඟා කරගෙන හිටියා.
යුරෝපා සංගමය කියන්නෙ ලංකාවෙන් වැඩිපුරම බඩු යවන මාකට් එක. සම්පූර්ණ ගාණෙන් සීයට 30ක්.
මේ ජිඑස්පී ප්ලස් රිවීව් එකේදී බලන ප්‍රධාන දෙයක් තමයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් කරන්න අපි ලෑස්තිද, ඒකට ගත්ත පියවර මොනවද කියන එක.
අපේ රට සාමාන්‍ය අධිකරණ සිස්ටම් එකට පිටින් යන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවමත් තියාගෙන ඉන්නවා. අපි කලින් වීඩියෝවල පැහැදිලිව විස්තර කළා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා කියන්නේ ත්‍රස්තවාදයට පක්ෂ වීමක් නොවන විත්තිය. ඒ පනතේ තියෙන අධිකරණයට පිටින් ගිහින් මිනිස්සු හිරේ දාන ප්‍රතිපත්තිය නැතිව වුණත් ත්‍රස්තවාදය මඬින්න ලංකාවට පුළුවන්.
අපි විදේශ සම්පත් දෙපාර්තමේන්තුවෙ දත්ත බැලුවා. පහුගිය කාලෙ අපි චීන එක්සිම් බැංකුවෙන් ණය අරන් ප්‍රොජෙක්ට් 21ක් ඉවර කරලා තියෙනවා. හම්බන්තොට වරාය ඩොලර් මිලියන 755ක්, හම්බන්තොට ගුවන්තොටුපල ඩොලර් මිලියන 190ක්, නෙළුම් කුළුණ ඩොලර් මිලියන 88.6ක්. හම්බන්තොටට යන අධිවේගී මාර්ගය ඩොලර් මිලියන 1455ක්. හම්බන්තොට හබ් කියලා ඩොලර් මිලියන 200ක්.
දැන් කරන ප්‍රොජෙක්ට එක තමයි මධ්‍යම අධිවේගී මාර්ගය. ඒකෙ ණය ඩොලර් මිලියන 989ක්.
මේ ඔක්කොම ණය යුරෝපෙටයි ඇමෙරිකාවටයි මාසයක්, දෙකක් අපනයන කරලා ගන්න සල්ලි.
චීන සංවර්ධන බැංකුවෙන් ණය අරන් ප්‍රොජෙක්ට් 6ක් ඉවර කරලා තියෙනවා. මොරගහකන්ද ඉන් එකක්. තව ප්‍රොජෙක්ට් තුනක් තවම යනවා.
පෝට් සිටිය තවත් ණය අරන් හදපු ප්‍රොජෙක්ට් එකක්. දැන් ආණ්ඩුව හිතනවා ඇත්තෙ මොකක්ද?? පෝට් සිටි පනත හැදුවා. චීන අගමැති එනවා. දැන් අපට ආයෝජන වක්කඩේ ගැලුව වගේ චීනෙන් හොයල දෙයි. යුරෝපා සංගමේට ඕන ලබ්බක් කරගනිං කියලද?
ආණ්ඩුවට චීනෙං එහෙම පොරොන්දුවෙලා තිබුණත් පුදුම වෙන්න දෙයක් නෑ.
කොහොමහරි රටක් දුවන්නේ ට්‍රේඩ් කියන එක මත. වෙළඳාම කියන එක මත. වෙළඳාමයි දේශපාලනෙයි එකට ගැටගැහෙනවා.
අපි කලින් වීඩියෝවක විස්තර කළා නිල නොවන අගමැති බැසිල් රාජපක්ෂ විවිධ රටවල් එක්ක වෙළඳාම හරිහැටි කරන්න ප්ලෑන් කරන බව. ඇමෙරිකාව එක්කත් සාකච්ඡා පවත්වමින් ඉන්න බව. ටීඑන්ඒ එක්කත් කතා කරන්න උත්සාහ කරන බව.
ඒත්.. අනෙක් ලොක්කාට නම් ඒවා ගැන වගේ වගක් නෑ කියලයි අපට හිතෙන්නෙ. දැඩි මර්දනයක් එක්ක ලෝකෙන් සීමා දාගන්න විදියට වැඩ කරන්නේ ඒ නිසානේ.
Sri Lanka Imports By Country | Value | Year |
China | $3.58B | 2020 |
India | $3.01B | 2020 |
United Arab Emirates | $889.00M | 2020 |
Malaysia | $634.48M | 2020 |
Singapore | $617.28M | 2020 |
Japan | $529.21M | 2020 |
United States | $496.96M | 2020 |
Thailand | $366.83M | 2020 |
Indonesia | $330.33M | 2020 |
Pakistan | $324.70M | 2020 |
Other Asia, nes | $319.51M | 2020 |
Germany | $316.37M | 2020 |
New Zealand | $301.12M | 2020 |
Italy | $266.81M | 2020 |
Vietnam | $250.79M | 2020 |
Russia | $236.02M | 2020 |
South Africa | $229.08M | 2020 |
Hong Kong | $220.82M | 2020 |
United Kingdom | $210.41M | 2020 |
Canada | $207.86M | 2020 |
South Korea | $194.35M | 2020 |
Saudi Arabia | $187.87M | 2020 |
Oman | $175.35M | 2020 |
Switzerland | $129.41M | 2020 |
Australia | $123.34M | 2020 |