කැබිනට් එකේදී, විමල්ලාට විවේචන

කෝවිඩ් ව්‍යාප්තිය පාලනය කරන්න රට වහන්න කියලා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් එකතු වෙලා ජනාධිපතිවරයාට යවපු ලිපියට අත්සන් කළ විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානයක්කාර අමාත්‍යවරුන්ව අගෝස්තු 23 වෙනිදා රාත්‍රියේ පවත්වපු කැබිනට් රැස්වීමේදී විවේචනය කරලා තියෙනවාලු.

රෝහිත අබේගුණවර්ධන ,එස් එම් චන්ද්‍රසේන සහ ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරුන් මේ ඇමතිවරුන්ව විවේචනය කරමින් කියලා තියෙන්නේ කැබිනට් රැස්වීමේ දී විවෘත ව අදහස් ඉදිරිපත් නොකර, එළියට ගොස් ආණ්ඩුවට උපදෙස් ලබා දෙමින් ජනාධිපතිවරයාට ලිපි යවන එක කැබිනට් මණ්ඩල සාමූහිකත්වය කඩ කිරීමක් කියලා.