යුක්‍රේන් මගී ගුවන් යානයක් ඇෆ්ගනිස්තානයේදී පැහැර ගනී

යුක්‍රේන් වැසියන් රැගෙන යාමට පැමිණ ඇති යුක්‍රේන් මගී ගුවන් යානයක් ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන් තොටුපොළෙහිදී පැහැර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.

යුක්‍රේන් විදෙස් නියෝජ්‍ය අමාත්‍ය Yevgeny Yenin විදෙස් මාධ්‍ය වෙත මේ ගැන කියලා තියෙනවා.

‘අගෝස්තු 23 වෙනි ඉරිදා අපේ ගුවන් යානයක් කණ්ඩායමක් පැහැරගෙන තියෙනවා.අඟහරුවාදා අපි ගුවන් යානය ඇෆ්ගනිස්තානයට පිටත් කලේ යුක්‍රේන් ජාතිකයන්ව ගේන්න, ඒත් ඒ අය වෙනුවට ගුවන් යානයට ගොඩවෙලා තියෙන්නේ හඳුනානොගත් පිරිසක්. ඒ අය අපෙන් ගුවන් යානය හොරකම් කළා. ඒ පිරිස ආයුධ සන්නද්ධව ගුවන් යානයට නැගලා තියෙන්නේ. පිරිස රැගත් ගුවන් යානය ‘ඉරානය’ දෙසට ගිහින්’

ඒත් ඇමරිකාවෙන් හරි Hamid Karzai ගුවන් තොටුපොළෙන් හරි මේ ගුවන් යානය පැහැර ගැනීමේ සිද්ධීය ගැන කිසිදෙයක් තවම කියලා නැහැ.

ගුවන් යානයේ පියාසර කරලා තියෙන්නේ ‘ඉරානය’ පැත්තට කියලා යුක්‍රේන් විදෙස් නියෝජ්‍ය අමාත්‍යවරයා කිව්වත්, මේ කතාව වැරදියි කියලා ‘ඉරානය’ කියනවා.