රාජ්‍ය අංශයේ කිසිම සේවකයෙකුගේ වැටුප් කප්පාදුවක් කරන්න රජය තීරණ කරලා නැහැ කියලා අගෝස්තු 24 වෙනිදා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම පවසලා.
“රාජ්‍ය තුළ ඉන්න කිසිදු සේවකයෙකුගේ කිසිදු වෙලාවක වැටුප් කප්පාදු කරන්නට රජයේ කිසිම දේශපාලකයෙක් යෝජනා කරලා නෑ. ඉල්ලීම් කරලා තියෙනවා. එමෙන්ම බලකිරීමකින් හෝ තෙරපීමකින් කිසිම අරමුදලක් හදන්නවත් කිසිසේත්ම උත්සහ ගන්නේ නෑ. මම වගකීමෙන් කියනවා.”