ක්‍රෙඩිට් හෝ ඩෙබිඩ් කාඩ්පතකින් ඩොලර් ගෙවීමක් සිදු කරනවා නම් ඒ සඳහා අතිරේකව සියයට 07 දක්වා ‘විදේශ විනිමය ගැළපුම් ගාස්තුවක්’ අය කරන්න සියලුම වාණිජ බැංකු තීරණය කරලා තියෙන බව අරුණ වාර්තා කරලා තියෙනවා.
ඒ පහසුකමට මේ දක්වා අය කරගත්තේ 2.5% ක් පමණ අගයක්. ඒත් සමහර වාණිජ බැංකු 7%ක අතිරේක ගාස්තුවක් අය කරන අතරේ තවත් 5% ක මුදලක් සැකසුම් ගාස්තු කියමින් කපා හරිනවාලු.
මේ විදියට අමතර ගාස්තු අය කිරීම් 2021 අගෝස්තු 25 වැනිදා ඉදන් ක්‍රියාත්මක කරනවා කියලා සමහර බැංකු කියලා තියෙනවා. අනෙක් බැංකු කියන්නේ 2021 සැප්තැම්බර් 01 වැනිදා ඉදන් මේ අය කිරීම් ක්‍රියාත්මක කරනවා කියලා.
ඒ අනුව අදාළ නව ගැලපුම් ගාස්තුවත් සමග ක්‍රෙඩිට් හෝ ඩෙබිඩ් කාඩ්පතකින් යම් ඩොලර් ගෙවීමක් සිදු කරනකොට ඩොලරයකට රුපියල් 225කට වැඩි අගයක් ගෙවීමට පාරිභෝගිකයන්ට සිද්ධවෙනවා. 5%ක අමතර සැකසුම් ගාස්තුවක් අයකරන බැංකු හරහා සිදුකරන ගනුදෙනුවකදී එය රුපියල් 236 ඉක්මවනවා.