රට වැහුවාට සංචාරකයෝ නිදැල්ලේ ඇවිදිනවා – ප්‍රසන්න

එළැඹෙන 30 වනදා දක්වා රට වසා තැබුණද සංචාරකයන් සදහා රට තවදුරටත් විවෘතව පවතින බව සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා පවසා තිබුණා.

මෙය අවදානම් සහගත ක්‍රියාවක් ලෙස පෙනුණත්, වසංගත සමයක ආණ්ඩුව සංචාරක කර්මාන්තය හැකි පමණින් පවත්වාගැනීමට උත්සාහ ගැනීම තේරුම් ගත හැකියි. විශේෂයෙන් අද තත්වය 2020 දෙසැම්බර්වලට වඩා වෙනස්.

කොවිඩ් පැතිරුණ සමයක සංචාරකයන්ට අපෙන් මිසක්, අපට ඔවුන්ගෙන් අවදානමක් ඇතැයි සිතන්න අසීරුයි.

අමාත්‍යවරයා කියා තිබුණේ මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටි සංචාරකයන් මේ වන විටත් ගුවන් ටිකට්පත් සහ හෝටල් සදහා මුදල් ගෙවා ඇති බැවින් ඔවුන් අපහසුතාවයට පත් කළ නොහැකි බව.

ඒ අනුව, ගුවන්තොටුපල සේවා සහ සංචාරක සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇති බව ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

මෙරටට පැමිණෙන ඉන්දියානු සංචාරකයන් සහ ඉන්දියාව හරහා මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් එන්නත් මාත‍්‍රා දෙකම ලබා තිබීම අනිවාර්ය කර තිබෙන බවද සදහන්.