කැබිනට් අමාත්‍යවරුන්ගේ අගෝස්තු මාසයේ වැටුප කෝවිඩ් මර්ධන අරමුදලට පරිත්‍යාග කරන්න කියා කැබිනට් මණ්ඩලයෙන් යෝජනාවක් සම්මත වුණත්, ඒ අරමුදලට තමන්ගේ වැටුප පරිත්‍යාග කරන්න බැරි බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසනවා.
පාර්ලිමේන්තුව ඇතුලේ තියෙන බැංකුවකින් ණයක් ලබාගෙන ඇති නිසා, ඒ ණය පියවීම සදහා ඔහුගේ සම්පූර්ණ මන්ත්‍රි වැටුප බැංකුව කපා ගන්නා බව ඔහු කියනවා.
අගෝස්තු 23 වෙනිදා සියලු කැබිනට් අමාත්‍යවරුන්ගේ අගෝස්තු මස වැටුප කොවිඩ් අරමුදලට පිරිනැමීමට අග්‍රාමාත්‍යවරයා ගෙන ආ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබිලා තිබුණා.
කැබිනට් අනුමැතිය මේ විදියට ලැබී තිබුණත්, පාර්ලිමේන්තුවේ විවිධ පක්ෂවල මන්ත්‍රීවරුන් තම වැටුප පරිත්‍යාග කරමින් ඉන්නවා.