මහනුවර දළදා පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැර තිබුණු අගෝස්තු 22 දා ඇත් කුලප්පුවකින් පෙරහැරට බාධා එල්ල වී තිබුණා.
මුලින් කුලප්පු වෙලා තිබුණේ කතරගම දේවාලයේ ඇතුන් දෙදෙනෙක්. ඒ ඇතුන් දෙදෙනා කරඬුව රැගත් ඇතා දෙසට ගමන් කරද්දී ඒ අසල සිටි තවත් ඇතුන් දෙදෙනෙක්ද කුලප්පු වෙලා.
කුලප්පු වූ ඇතුන් ඉවත් කර පෙරහැර යළි ගමන් කර තිබුණා.
රටේ පවතින නිරෝධායන නීති, ලොක්ඩවුන් කඩ කරමින් තමයි මේ පෙරහැර ගමන් ගන්නේ. මෙම පෙරහැර සඳහා විශේෂ නිත්‍යානුකූල අවසරයක් ලැබී නැහැ. රටේ අනෙකුත් ආගමික උත්සවවලට සීමා තිබුණා.
එමෙන්ම මෙම පෙරහැර පැවැත්වීමට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට්විටර් පණිවිඩයක සඳහන් කර තිබුණේ ශ්‍රී ලාංකික බෞද්ධයාගේ මුදුන් මල්කඩ වන්නා වූ උතුම් දළඳා වහන්සේගේ ආනුභාවයෙන් මුළුමහත් ලෝකවාසී ජනතාවම ව්‍යවසනයෙන් ආරක්ෂා වේවා යනුවෙන්.
ලෝකවාසී ජනතාවගේ ආරක්ෂාව කෙසේ වෙතත් පෙරහැරේ ගමන් කළ ශිල්පීන් පිරිසකට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව නම් වාර්තා වී තිබුණා.